ලෝක සූරයෝ මෙන්ම දිගින් දිගටම ජගත් ශ්‍රේණිගත කිරීම් වල අංක එකේ රැදී සිටින ස්පාඤ්ඤයට කලකට පසුව පරාජයේ තිත්ත රස විදින්නට සැළස් වූ ජපානය ඊයේ ඔලිම්පික් පිරිමි පාපන්දු තරගාවලියේ මූලික තරගයේදී ගෝල 1-0 ක් ලෙස ස්පාඤ්ඤය පරාජයට පත් කරන්නට සමත් විය.තීරනාත්මක ජයග්‍රාහී ගෝලය ලබා ගැනීමේ හපන්කම පෑ ජපනා වීමේ භාග්‍යය ලත් උත්සුයි තරගයේ 34 වන විනාඩියේදී ජපානය වෙනුවෙන් ජයග්‍රාහී ගෝලය ලබා ගත්තේය.
උත්සුයි 34 වන විනාඩියේදී මෙම ගෝලය රැස් කළ අතර 41 වන විනාඩියේදී ස්පාඤ්ඤ මැද පෙළ ක්‍රීඩක මාටිනස් රතු කාඩ්පත් අවවාදය ලැබ පිටියෙන් ඉවත් කිරීමත් සමග තරගයේ ලද වාසිය දිගින් දිගටම රැක ගන්නට ජපානයට තවත් පහසු විය.වඩා නීත්‍යානුකූල ක්‍රීඩා රටාවක නියැලි ජපානය වෙනුවෙන් ගෝලය ලැබු උත්සුයි 46 වන විනාඩියේදී පිටියෙන් ඉවත් වී ඒ වෙනුවට සයිටෝ පිටියට කැද වූ අතර ඔහු 61 වන විනාඩියේදී කහකාඩ් අවවාදයක් ලැබුවා හැරෙන්නට වෙනත් කිසිදු ජපන් ක්‍රීඩකයෙකු එවැනි අවස්ථාවකට මුහුණ නොදුන් අතර ස්පාඤ්ඤ ක්‍රීඩකයන් දෙදෙනෙකු කහකාඩ් පත් අවවාදය ද අයෙකු රතු කාඩ් අවවාදය ද ලැබීමෙන් පැහැදිලි වන්නේ ජපානය කෙතරම් බලපෑමක් ස්පාඤ්ඤ ලෝක සූරයන් වෙත එල්ල කළා ද යන්නය.
ඊයේ පවත්වන්නට යෙදුණ තරග අට අතරින් හරි අඩක්ම ජය පරාජය නොවිසදුනු තරග වීම විශේෂ සිදුවීමක් විය.හොන්ඩුරස් සහ මොරොක්කෝ තරගය (2 -2),මෙක්සිකෝව සහ කොරියාව (0-0),ගැබොන් සහ ස්විට්සර්ලන්තය (1-1) සහ සත්කාරක එංගලන්තය සහ සෙනෙගාල් (1-1) අතර තරග එසේ ජය පැරදුම නොවිසදි තරගයි.
මේ අතර උරුගුවේ කණ්ඩායම සවුදි අරාබියාවට එරෙහිව ගොල් 2 - 1 ක් ලෙස ජය වාර්තා කළ අතර බෙලාරුස් විසින් නවසීලන්තය ගෝල 1 - 0 ක් ලෙස පරාජය කරන්නට සමත් වුණා.ඊයේ වැඩිම ගෝල ප්‍රමාණයක් වාර්තා වූ තරගය වූ බ්‍රසිලය සහ ඊජිප්තුව අතර තරගයෙන් ගෝල 3 - 2 ක් ලෙස ජය ලබන්නට බ්‍රසීලය සමත් වුණා.
ඡායාරූපයේ දැක්වෙන්නේ ස්පාඤ්ඤයට පරාජයේ තිත්ත රස් විදින්නට සැළැස් වූ ජපන් ගෝලයේ හිමිකරුවා වූ වූ උත්සුයි ගෝලය ලබා ගැනීමේ ප්‍රිතිය පළ කළ අයුරුයි.
www.supirikrida.com

No comments:
Post a Comment