ලන්ඩන් ඔලිම්පික් ක්‍රීඩා උළෙල වෙනුවෙන් ඔලිම්පික් මුද්දර හතරක් නිකුත් කිරීමට ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව පියවර ගත් අතර එය කොළඹ පිහිටි වෙස්ට් මිනිස්ටර් බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් නිල නිවසේදී පසු ගියදා එළි දක්වන්නට යෙදිණ.ක්‍රීඩා අමාත්‍යංශයේ සහ ජාතික ඔලිම්පික් කමිටුවේ ඉල්ලීම මත එළි දැක් වූ මෙම මුද්දර රුපියල් 5/=,15/=,25/= සහ 75/= ලෙස වටිනාකමින් යුක්ත විය.
මෙම අවස්ථාවට ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ,තැපැල් අමාත්‍ය ජීවන් කුමාරතුංග,බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ජොන් රැන්කින් සහ තැපැල් අමාත්‍යංශ ලේකම් සහ ජාතික ඔලිම්පික් කමිටු සභාපති හේමසිරි ප්‍රනාන්දු ද එක් විය.
www.supirikrida.com
No comments:
Post a Comment