මම ලංකාව වෙනුවෙන් උපරිමය කරනවා
මෙවර ලන්ඩන් ඔලිම්පික් තරගාවලිය නියෝජනය කිරීමට සුදුසුකම් ලද ක්‍රිස්ටීන් සොනාලි මෙරිල් සිය උපරිම දක්ෂතාවය දැක්වීමට සූදානම් බව සුපිරික්‍රීඩා වෙත පැවසීය.ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙවර ඔලිම්පික් උළෙලට සහභාගි වීමට අවස්ථාව ලද එකම මලල ක්‍රීඩිකාව විම ඇයට හිමි වූ ගෞරවයක් බව සළකන ක්‍රිස්ටීන් තමා සහභාගි වන මීටර් 400 කඩුලු පැන දිවීම ඉසව්වේදී සිය උපරිම දක්ෂතාවය දැක්වීමට අපේක්ෂා කරන බව පෙන්වා දුන්නාය.
තත්පර 56.83 ක් වන මීටර් 400 කඩුලු පැන දිවීමේ ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාවේ උරුමක්කාරිය වන ක්‍රිස්ටීන් සොනාලි මෙරිල් එම දස්කම වාර්තා කරමින් කෝබේ හී ක්‍රියාත්මක වූ ඉකුත් ආසියානු මලල ක්‍රීඩා උළෙලේ දී එම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගත්තාය.ඇය ලන්ඩන් ඔලිම්පික් උළෙලේ දී සිය ඉසව්වට අගෝස්තු 05 වන දා ඉදිරිපත් වීමට නියමිතය.
www.supirikrida.com
No comments:
Post a Comment