බී කොටසෙන් තරග වදින කණ්ඩායම් අතර සිංගප්පූරුව සහ මැලේසියාවට අමතරව පකිස්තානය,මාල දිවයින සහ බෘනායි සිටින අතර බෘනායි ආසියානු තරගාවලියට සහභාගි වන්නේ ද ප්‍රථම වරටය.එම කණ්ඩායමේ පුහුණුකාරිය වන්නේ හත්වන ආසියානු දැල්පන්දු සූරතාවලිය වන විට ආසියාවේ තෙවන තැන දක්වා පහත වැටී සිටි ශ්‍රී ලංකාව ආසියානු සූරියන් බවට පත් කරන්නටත් ජගත් ශ්‍රේණිගත කිරීම්වල 14 වන තැන දක්වා රැගෙන එන්නටත් මග පෙන් වූ පුහුනුකාරිය වන තිලකා ජිනදාස ය.ඒ අනුව ඇය ප්‍රබල දැල් පන්දු කණ්ඩායම් දෙකක් වන සිංගප්පූරුවට සහ මැලේසියාවට එරෙහිව සිය කණ්ඩායම ජයග්‍රහණය සදහා මෙහෙය විමට අපොහොසත් වුවත් පකිස්තානය සහ මාල දිවයින පරාජය කරමින් බෘනායි බී කාණ්ඩයේ තෙවන තැන දක්වා ගෙන ඒමට සමත් වුවහොත් එය ද ශ්‍රී ලාංකිකයන් වශයෙන් සතුටු වන්නට සහ ආඩම්බර වීමට කාරණයක් වනු ඇත.
www.supirikrida.com
No comments:
Post a Comment