ලාංකේය වොලිබෝලයේ අනාගතය වෙනුවෙන් අවශ්‍යය ශක්තිමත් පදනම නිර්මාණය කිරීම සදහා පැවත්වෙන වඩාත් සංවිධානාත්මක වූ ක්‍රීඩා තරගාවලිය වන DSI සුපර් ස්පෝර්ට්ස් වොලිබෝල් තරගාවලිය සහ කිඩ්ස් වොලිබෝල් තරගාවලියේ අවසාන තරග අද සහ හෙට නාවලපිටිය ජයතිලක ක්‍රීඩාංගණයේදී පැවත්වීමට නියමිතය.පිරිමි සුපර් වොලිබෝල් අංශයේ අවසාන තරග තුන සදහාම මාදම්ප සේනානායකය තේරී පත් වීම මේ වසරේ ද විශේෂ කොට දැකිය හැකි අතර කලෙකට පසුව වෙන්නප්පුව ජොෂප්වාස් විද්‍යාලය අවසාන තරගයකට පිවිස තිබීමද කැපී පෙනෙන තත්ත්වයකි.
මෙවරද කැන්දලන්ද විද්‍යාලයට වඩා පෝෂණීය බිමකට සිය ගුරු වෘත්තියේ දායකත්වය වෙනස් කළ පුස්සැල්ලේ පඥ්ඥාසේකර හිමියන් මෙවරද කිඩ්ස් වොලිබෝල් තරගාවලියේ බාලිකා අවසාන තරගයට වර්ථමාන සේවා ස්ථානය වන රක්වාන රත්නාලෝක විද්‍යාලයේ දැරියන් කැදවා ගෙන ඒමට සමත් වී තිබීම ද කැපී පෙනෙන සිදුවීමකි.
අභිනවයෙන් ඉදිකරන ලද ජයතිලක ක්‍රීඩාංගණ ගාහස්ථ ක්‍රීඩාංගණයට පිවිසෙන ජාතික මට්ටමේ පළමු අවසාන තරග වන අතර එය ස්වාධින රූපවාහිණියෙන් සජීවී ව ප්‍රචාරය කෙරෙන බැවින් ජයතිලක ක්‍රීඩා සංකීරණය පිහිටා ඇති සොදුරු වට පිටාව ගැනද රටට දැක ගන්නට ලැබෙනු ඇත.වර්ථමානයේ පවතින ක්‍රීඩා සංකීරණ අතර ආකර්ශණිය කෙළිබිමක් ලෙස පිහිටි වට පිටාව හරහා ස්වභාව ධර්මයේ ආශිර්වාදය ලබන්නට හැකි වූ ජයතිලක කෙළි බිමට ක්‍රීඩාවේ අනාගතය පැහැපත් කිරිම සදහා සැකසි DSI වොලිබෝල් තරග පිවිසීම අගය කළ යුතුය.
www.supirikrida.com

No comments:
Post a Comment