DSI පාසල් වොලිබෝල් තරගාවලියේ අවසාන තරග ඊයේ නාවලපිටිය ජයතිලක ක්‍රීඩාංගණයේදී ආරම්භ වූ ඊයේ පැවති අවසාන තරග වල දී වැඩි ගෞරව සබරගමුවට අත් විය.ඊයේ පැවති අවුරුදු 14 න් පහළ බාලක අවසාන තරගයේ දී සීදුව දවිසමර විද්‍යාලය මාදම්ප සේනානායක විද්‍යාලය පරාජය කරමින් ජය ගත්තේ වට 3 - 0 ක් ලෙස ය.එහිදී ලකුණු තත්ත්වය වූයේ 25-19,25-15 සහ 25 - 22 කි.එම වයස් ඛාණ්ඩයේ බාලිකා තරගයේ දී අනුරාදපරය පූවරසන්කුලම විද්‍යාලය පරාජය කරමින් කොබ්බෑවෙල ගලිගමුව කීර්තිරත්න විද්‍යාලය ජය ගත්තේය.එහිදී ලකුණු තත්ත්වය 25 - 15,15 - 25,25 - 22 සහ 25 - 21 ක් විය.
නැවත අවුරුදු 16 න් පහළ බාලිකා තරගයේද ජයග්‍රහණය සබරගමුවට හිමි වු අතර එහිදී ඇහැළියගොඩ ධර්මපාල විද්‍යාලය විසින් තොඩුවාව ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය පරාජයට පත් කළේ ලකුණු 25 - 12,25 - 12 සහ 25 - 21 ක් ලෙස ය.
www.supirikrida.com
No comments:
Post a Comment