බුද්ධි ඌනතා අය සදහා වූ ලංකා සංගමය මෙහෙයවන එවැනි තත්ත්වයේ පසුවන දරුවන්ගේ වාර්ශික සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලිය අගෝස්තු 3 දා දෙහිවල එස් ද එස් ජයසිංහ ක්‍රීඩාංගණයේදී පැවත්වීමට කටයුතු යොදා ඇත.එදින පෙ.ව.9.30 ට ආරම්භ වි පස්වරු 5.00 දක්වා ක්‍රියාත්මක තරගාවලියට බුද්ධි ඌනතා ඇති දරුවන් නියෝජනය කරන පහත සදහන් කණ්ඩායම් හත සහභාගී වීමට නියමිතය.
ගල්කිස්ස සුමග පුහුණු මධ්‍යස්ථානය,ජා-ඇල නිසංසලා,නුගේගොඩ මාදිවෙල හෝම් ෆොර් මිස්ටර් බෝයිස්,අමුණුකුඹුර වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය,සීදුව වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය,වැල්ලම්පිටිය අෂීෆා සහ අලුත්ගම පැතුම් උයන
www.supirikrida.com
No comments:
Post a Comment