මෙවර කාන්තා මීටර් 1500 ඉසව්ව නියෝජනය කිරීමට නියමිතව සිටි
මොරොක්කොවේ Mariem Alaoui Selsouli, මේ වසරේ එම ඉසව්ව වෙනුවෙන් හොදම කාලය වාර්තා කර තිබුණ ද,ඇයට ඔලිම්පික් පදක්කමක් දිනා ගැනීමට තබා තරගාවලිය නියෝජනයටවත් අවස්ථාවක් නොලැබෙමින් තහනම් උත්තේජන ගැනීම සම්බන්ධයෙන් වරදකාරියක වී ඇත.විනාඩි 3:56.47 ක කාලයක් වාර්තා කරමින් මේ වසරේ හොදම කාලය පැරීසියේ දී සටහන් කළ මේරියම් මීට පෙරද තහනම් උත්තේජන නිසා තරග තහනමට ලක් ව සිටි ක්‍රීඩිකාවකි.
2009 සිට 2011 දක්වා තහනම් උත්තේජන භාවිතය නිසා දෙවසරක තරග තහනමකට ලක් ව සිටි ඇය,මෙවර මාර්තු මාසයේදී යළි තරග පිටියට පිවිස ජගත් ගෘහස්ථ මලල ක්‍රීඩා සූරතාවලියේදී රිදී පදක්කමක් දිනා ගත්තාය.ජූනි මස ඇයගේ මීටර් 3000 ඉසව්වේ හොදම කාලය වන විනාඩි 8:34.47 ක වාර්තා කළ මේරියම්,මේ වසරේ මීටර් 1500 හොදම කාලය වාර්තා කළේ ජූලි 6 වන දිනය.
www.supirikrida.com
No comments:
Post a Comment