මංජුල කුමාර |
මීටර් 1500 ජයගත් සහෝදරියෝ තිදෙන |
ජාත්‍යන්තර
මලල ක්‍රීඩා සම්මේලනයේ ලකුණු සටහනට සාපේක්ෂව,ශ්‍රී ලංකාවේ පවතින ජාතික වාර්තා ඒ,බී
සහ සී ලෙස වර්ගීකරණය කර එහි ඒ ශ්‍රේණියේ වාර්තාවකට රුපියල් ලක්ෂයක්,බී ශ්‍රේණියේ
වාර්තාවකට රුපියල් පනස් දහසක් සහ සී ශ්‍රේණියේ වාර්තාවකට රුපියල් විසිපන් දහසක්
පිරි නැමීමට කටයුතු යොදා තිබුණත් කිසිදු ක්‍රීඩක ක්‍රීඩිකාවක් එවැනි හැකියාවක්
පෙන් වූයේ නැහැ.
තරගාවලියේ
ලයන් වොරියර් අනුග්‍රහය සදහා සුදුසුකම් ලැබූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් දස දෙනෙකු තෝරා
පත් කර ගන්නට නියමිත වූ අතර,එහිදී ජාත්‍යන්තර මලල ක්‍රීඩා සම්මේලනයේ ලකුණු සටහනට
අනුව දැක් වූ දක්ෂතා සැළකිල්ලට ගෙන එම් ජීඑස් ගුණතිලක,ඩීඑම් එරන්ද,අයිඩීඑස්එස්
ජයසිංහ,ඒඩබ්ලිව් ආර් සචිත්,මිලාන් මධුෂ්ක දිසානායක,තරංගා විනෝදනී,අචලා
ඩයස්,ටීජීඑස් ප්‍රනාන්දු,සලින්ද රන්දීව සහ එම්ජීඑස් ගුණතිලක සුදුසුකම් ලබා ගත්තා.
තරංගා විනෝදනී |
තරගාවලියේ සමස්ථ ප්‍රතිපල සටහන www.supirikrida.com වෙතින් ලබා ගැනීමේ හැකියාව ඇත.
ඡායා.: සුන්දර් රාජ්
No comments:
Post a Comment