පුදුම කරන රහස් පිටට ගිහින්
ලන්ඩන් ඔලිම්පික් උළෙලේ සමාරම්භක උත්සවය ආශ්‍රිත වැඩ සටහනට අදාළ කාරණා රහසක් ලෙස පවත්වා ගැනීමට එම සංවිධායක මණ්ඩලය ගත් උත්සාහය ව්‍යර්ථ වී ඇති බව ලන්ඩනයෙන් වාර්තා වෙයි.10000 ක පමණ පිරිසක් සහභාගි කරවා ගනිමින් පවත්වන්නට නියමිත සමාරම්භක උත්සවය පුදුම එලවන සුළු එකක් ලෙස පවත්වමින් ලෝක ප්‍රජාව ඉදිරියේ විශිෂ්ඨ වූත් අපූරු වූත් සංදර්ශනයක් ඉදිරිපත් කිරීමේ අභිලාශයෙන් පසු වූ ලන්ඩන් ඔලිම්පික් සංවිධායකයන් එම සංදර්ශන අවස්ථා සමාජ ගත වන්නට ඇත්තේ සහ මාධ්‍යයට එක් වන්නට ඇත්තේ ඒ සදහා සහභාගි වන සංදර්ශනකරුවන්ගේම දුරකථන කැමරා මගින් විය හැකි බව විශ්වාස කරයි.
කෙසේ වුව ද මෙවර ලන්ඩන් ඔලිම්පික් උළෙල සම්බන්ධ සමාරම්භක උළෙල අති විශිෂ්ඨ වුත් ශ්‍රෙෂ්ඨ වූ ත් එකක් වීමට එම තොරතුරු අනාවරණය වීම ගැටළුවක් නොවනු ඇති බවත් රහස් තොරතුරු එළි දැක්වීම පිළිබදව කණස්සල්ලෙන් වුව ද ලන්ඩන් සංවිධායකයන් පවසනවා.
www.supirikrida.com
No comments:
Post a Comment