තරගයේ ආරම්භයේදි ශ්‍රී ලංකාවේ ටෙස්ට් වේග පන්දු යවන්නා බවට පත් වෙමින් සිටින චානක වෙළගෙදර මුළු ලකුණු ප්‍රමාණය 18 ක් ව තිබියදී එඩ් කොවුන් ක්‍රීඩා පිටියෙන් ඉවත් කර ගත් අතර දෙව කඩුල්ල ලෙස ප්‍රහාරාත්මක පිතිහරඹයක නිරත වූ ඩේවිඩ් වර්නර් ලකුණු 57 ට දැවී ගියේ මැතිව්ස් සහ ඩිල්ෂාන් එක් ව කළ හොද පන්දු රැකීමක් හේතුවෙන්ය.අනතුරුව මුළු ලකුණු ප්‍රමාණය 183 ක් ව තිබියදී ෂේන් වොට්සන් ලකුණු 30 ට සහ ලකුණු පූවරුව 197 ක් ව තිබියදී පිලිප් හියුග්ස් ලකුණු 86 ට ද ක්‍රීඩා පිටියෙන් ඉවත් කරන්නට වෙරලගෙදරගේ පන්දු යැවීමට හැකි විය.එම කඩුලු 4 න් පසු කඩුලු වැටීමට ඇණ ගැසූ ක්ලාක් සහ හසී දෙදෙන ඊයේ දිනය නිමා වන තෙක් කඩුල්ලේ රැදී සිටියේ ශ්‍රී ලංකාව වෙනුවෙන් කඩුලු බිද දැමූ එකම පන්දු යවන්නා වෙළගෙදර බවට පත් කරමින් ඔහුගේ කඩුලු පැස ලකුණු ලකුණු 99 ට කඩුලු 3 ක් බවට පත් වී තිබියදීය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් අයහපත් පන්දු යැවීමක් ප්‍රදර්ශනය වූ බවක් නොපෙනි අතර හොදින් යැවූ පන්දු නමුත් ලකුණු අතර සිටින ඕස්ට්‍රේලියානු පිතිකරුවන් තිදෙනෙකුම අර්ධ ශතක අතරට පිවිසීම නිසා ප්‍රහාරාත්මක බව අඩු කිරීම විනා කඩුලු ප්‍රමාණය වැඩි කිරීම ශ්‍රී ලංකාවට පහසු නොවිණ.නමුත් ඊයේ වරින් වර පන්දු ඕවර් 4 ට සීමා කර ගත් ඩිල්ෂාන් ට ඕස්ට්‍රේලියාව එතරම් කැමැත්තෙන් මුහුණ දෙන බවක් නොපෙනි අතර ඩිල්ෂාන් පන්දුවේ දග කැවීම,වේගය මෙන්ම ඉපිලීප ද ලබා ගනිමින් එල්ල කරන පීඩනය තව දුරටත් තීව්ර කිරීමට අද දවසේ මහේල උත්සාහ දරන්නේ නම් යහපත් වීමට වැඩි ඉඩ-කඩක් ඇත.
ලකුණු පූවරුවට පහතින් පිවිසෙන්න.http://www.espncricinfo.com/australia-v-sri-lanka-2012/engine/current/match/573011.html
www.supirikrida.com
No comments:
Post a Comment