ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක මහේල ජයවර්ධන එලැඹෙන ජනවාරි 23 දා ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවත්වෙන පස්වන එක්දින තරගයෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය දීමේ සියළු වගකීම් වලින් නිදහස් වනු ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කරයි.මහේල ඒ බව දන්වා ඇති බව පෙන්වා දෙන 'ශ්‍රී ලංකා ක්‍රිකට්' හී නිවේදනයට අනුව මහේල ගේ අවසාන ටෙස්ට් තරග නායකත්වය ජනවාරි 3 සිට 7 දක්වා සිඩ්නි හී දී පැවත්වෙන ටෙස්ට් තරගය වනු ඇත.
ශ්‍රී ලංකාව බිහි කළ සුපිරිතම නායකයා බවට බොහෝ දෙනෙකු විසින් හදුන්වන මහේල මෙම තරගාවලියෙන් පසුව නායකත්වයෙන් පමණක් නොව ජාතික කණ්ඩායමෙන්ද සමු ගැනිමට ඉඩ ඇති අතර කුමාර සංගක්කාර,තිලකරත්න ඩිල්ෂාන් වැනි ක්‍රීඩකයන් ද එවැනි ඉගි සපයා ඇති අතර මේ නිසාම ඒ සියල්ලට වඩා වියපත් තිලාන් සමරවීර ද සමු ගැනීමට ඇති ඉඩ - කඩ විශාලය.
මේ ආකාරයට එම ක්‍රීඩකයන් සිව් දෙනාම ආසන්න අවධියක කණ්ඩායමෙන් ඉවත් වුවහොත් ඒ තැන ලැබීමට තරම් ප්‍රමාණවත් අත්දැකීම් ඇති පිතිකරුවන් ශ්‍රී ලංකා කණ්ඩායම තුළ සිටින්නේද යන්න විශාල ගැටළුවක් වනු ඇත.
No comments:
Post a Comment