අවුරුදු 15 න පහළ කාණ්ඩයේ සූරියන් වූයේ පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය වූ අතර 15 න් ඉහළ කාණ්ඩයේ අනු සූරියන් ලෙස මෙතෝදිස්ත විද්‍යාලය තේරී පත් විය.ප්‍රධාන කණ්ඩායම් සහභාගි වූ තරගාවලියේ දී අවසාන තරගයේදී ස්පිඩ්මැක්ස් කණ්ඩායම ඉදිරියේ පරාජයට පත් වුණේ සංවර්ධන ලොතැරයි මණ්ඩල කණ්ඩායමය.
අවුරුදු 15 න් පහළ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස භාෂිණි උපේකා රත්නායක ගෞරවයට පාත්‍ර වූ අතර අවුරුදු 15 න් ඉහළ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස ගෞරවයට පාත්‍ර වූයේ කණිෂ්කා පෙරේරා ය.ප්‍රධාන තරග කාණ්ඩයේ දක්ෂතම ක්‍රීඩිකාව වීමට යසුන්තරා ප්‍රනාන්දු ය.
කෝට්ටේ දැල්පන්දු ඇකඩමිය හිටපු ජාතික පුහුණුකාරිණි තිලකා ජිනදාස විසින් අරඹන ලද අතර වර්ථමානයේ ඇය බෘනායි දැල් පන්දු ජාතික පුහුණුකාරිය ලෙස කටයුතු කරන්නීය.වර්ථමානයේ එම ඇකඩමියේ සියළු කටයුතු අධීක්ෂණයන් සිදු වන්නේ ශ්‍යාමා කුරේ වෙතින් ය.ඒ සදහා ලක්මාල් දේශප්‍රිය ගේ සහය ද හිමිවෙයි.
www.supirikrida.com
No comments:
Post a Comment