කණ්ඩායම අවසාන වරට හමු වූ විට ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරියම ප්‍රකාශ කර ඇත්තේ නිහඩව නොසිට තමන්ට අවශ්‍යය පරිදි කණ්ඩායමේ වෙනස්කම් කිරීමට නායිකාව ලෙස මෙම සංචාරයේදි පසුබට නොවන ලෙසය.එසැනින්ම හදිසියේ හිස මත පාත් වූ පිනෙන් අන්ද මන්දව ඉහළ නිලධාරින් වෙනුවෙන් දණ්ඩනමස්කාර කිරීමට වුව සූදානමෙන් සිටි සහය පුහුණුකාරිය නිලධාරීන්ගේ තීරණය නිවැරදි බව පෙන්වීමට පවසා ඇත්තේ නායිකාවට මේ වන විට පුහුණුකාරිය ලෙස කටයුතු කිරීමට ද දැණුමක් ඇති බවය.එහිදී එතැන සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ ආසියානු කුසලාන තරගාවලියේ කළමණාකාරවරිය පවසා ඇත්තේ හැකි නමුත් එය ඉදිරියේදී මිස මේ මොහොතේ සිදු නොවිය යුතු බවය.
තරගාවලියේ සෑම කණ්ඩායමකටම දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සළකා ඇගයීමක් කෙරෙන අතර එම වගකීම පැවරෙන්නේ පුහුණුකාරියට වුව ඇයගේ තීරණය අභිබවා ගොස් මෙම සංචාරයෙන් පසුව තරග බිමෙන් සමුගන්නා නායිකාවටම එය පිරිනැමීමට යෝජනා කිරීමට යසා ට සිදු වී ඇත.පුහුණුකාරිය ලෙස සංචරයට එක් වුව ද විකට ඇදුම් තරගයකට ඇදි පොලිස් නිලධාරිවරයෙකු මෙන් මෙම සංචාරය තුළ කටයුතු කිරීම හැරෙන්නට දෙයක් කිරීමට යසාට සිදු වී නැත.දැල් පන්දු කේෂ්ත්‍රයේ බොහෝ දෙනා මේ පිළිබදව පවසන්නේ තමන්ට නුසුදුසු වගකීමක් භාර ගත් යසාට යස වැඩක් සිදු වී ඇති බවය.
කෙසේ හෝ සංචාරයට එක් වූ ක්‍රීඩිකාවන් කිසිවෙක් තමන්ට එල්ල වූ පීඩාවන් අසාධාරණයන් ගැන කතා නොකිරීමට සිංගප්පූරුවේදීම තීරණය කර තිබෙන අතර ඊට හේතුව වී ඇත්තේ අමාත්‍ය කාර්ය මණ්ඩලයේ අයම තමන්ට ගැටළු විදින්නට සිදු වූ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන් පිළිබදව ප්‍රශස්ති ගායනා කරන්නට මාධ්‍ය භාවිතා කරන තත්ත්වයක් තුළ ඊට එරෙහිව කතා කිරීම පලක් නොවන බවට ඔවුන් තීරණය කිරීමය.නමුත් ක්‍රීඩිකාවන් ක්‍රීඩාව වෙනුවට තමන්ගේ පැවත්මට ආදරය කිරීමට තීරණය කර තිබෙන බව පැහැදිළි අතර කිසිම විටෙක කණ්ඩායමක් විදිහට තමන්ට දැනෙන අසාධාරණකම් වලට එරෙහි වීමට වඩා උත්සාහ කරන්නේ කෙසේ හෝ කණ්ඩායමේ එල්ලී සංචාරවල නියැලෙන්නටය.ජය පරාජය කුමක් වුව රටකින් රටකට යාමට ලැබෙන අවස්ථාව සහ ඒ සමග ලැබෙන වරප්‍රසාද වලින් ඔබ්බට කතා කිරීමට තරම් ශක්තියක් හෝ ක්‍රීඩකත්වයක් නැති පිරිසක් වන දැල් පන්දු ක්‍රීඩිකාවන්ගේ මේ ආත්මාර්ථකාමීකම ද දැල් පන්දුවේ කඩා වැටීමට බලපාන එක් හේතුවකි.
කෙසේ හෝ තරගාවලියේ සිදු වූ පසුබැසීම වළක්වා ගන්නට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන් ඉවත් කර කණිෂ්ඨ ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකු සමග ක්‍රීඩා කර සිංගප්පූරුව පරාජය කිරීම හුවා දැක්වීමට කටයුතු කරනු ඇතැයි සුපිරික්‍රීඩා කී අනාවැකිය සනාත කළ කණ්ඩායම් නායිකාව මාධ්‍යයට කර තිබු ප්‍රකාශ වලින් පැහැදිළි වන්නේ මෙම තරග සංචාරයේ එකම අරමුණ සිංගප්පූරුව පරාජය කිරීම පමණක් බවය.කවුරුන් ක්‍රීඩා කළ ද පරාජයට පත් කළේ ආසියානු සූරියන් වීම පිළිබදව ලාංකිකයන් වන කා තුළත් සතුටක් ඇති වීම නොවැළක්විය හැකි නමුත්,මැලේසියාවට පරාජය වීම සහ නැමීබියාවට එරෙහිව මුල් තරගය ජය ගෙන පසු තරගය පරාය වීම නැතිනම් ජගත් ශ්‍රේණිගත කිරීම්වල දී ශ්‍රී ලංකාවට පිටු පසින් සිටින කණ්ඩායම් දෙකකට පරාජය වීම ද මෙහිදී කණගාටුවට කරුණක් හෝ වී නොමැත.එසේ විමට හේතුව කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකු නොසිටීම යන්න සාධාරණ තර්කයක් වුව එම තර්කය සිංගප්පූරුවට අදාළ නොකර ගෙන තරගාවලිය තුළ ශ්‍රී ලංකාව ලද පසුබැසීම සිංගප්පූරුවේ පරාජයෙන් වසා ගැනීමට යාම වීදුරු කුටියක සිට ඇදුම් මාරු කිරිමක් වැනිය.
No comments:
Post a Comment