වෙළද සේවා වොලිබොල් තරගාවලියේ අවසාන තරග හෙට (දෙසැම්බර්16) මහරගම ජාතික තරුණ මධ්‍යස්තාන ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවත්වීමට නියමිත අතර එම තරග වල සජීවී ප්‍රතිපල සටහනක් තරග වටයෙන් වටයට දැක ගැනීමට අප වෙබ් අඩවිය මගින් ඉඩ - කඩ සළසා ඇත.පළමු තරගය ලෙස පැවත්වෙන්නේ කාන්තා තරග අංශයේ තෙවන ස්ථානය තීරණය කරන තරගය වන අතර එහිදී මාස් ලීනියා හංවැල්ල සහ බ්‍රැව්ඩික්ස් ඇපරල් වැලිසර යන කණ්ඩායම් තරග වදින අතර තරගය පෙරවරු 9.00 ට ඇරඹ්මට නියමිතය.
අනතුරුව හසලක සුමිත්‍රා සහ ටෙක්ස්වර්ඩ් ජර්සි ලංකා කණ්ඩායම් පිරිමි අංශයේ තෙවන ස්ථානය තීරණය කරන තරගයට පිවිසෙනු ඇත.කාන්තා අවසාන තරගයට මාවතගම මාස් කැෂුවලයින් සහ රෙදිගම බ්‍රැන්ඩික්ස් කැෂුවල් වෙයාර් කණ්ඩායම් පස්වරු 1.00 ට තරග බිමට පිවිසීමට සූදානම් අතර පිරිමි අවසාන තරගය සදහා මහනුවර මාස් කොන්ටුවර්ලයින් කණ්ඩායම සහ වැලිසර බ්‍රැන්ඩික්ස් ඉන්ටිමේට් ඇපරල් කණ්ඩායම් තරග වැදීමට නියමිතව ඇත්තේ පස්වරු 3.00 ට ය.
|
No comments:
Post a Comment