හෙට හොබාර්ට් හී දී ඇරඹෙන ටෙස්ට් තරගයේ ආරම්භක පිතිකරු ලෙස දිමුත් කරුණාරත්න යොදවා ගැනීමට ඉඩ ඇති බවට ඕස්ට්‍රේලියාවෙන් ලැබෙන ආරංචි මාර්ග සනාත කරයි.නමුත් එවැනි තත්ත්වයක තරංග පරණවිතාන කණ්ඩායමෙන් ඉවත් කරන්නේද යන්න සහ තිලකරත්න ඩිල්ෂාන් කොතැන පන්දුවට පහර දෙන්නේද යන ගැටළුව විසදා ගැනීම අපහසු කරුණක් වී ඇත.අත්දැකීම් ඇති පරණවිතාන කාලයක් තිස්සේ යම් ස්ථාවරයක් රදවා ගෙන සිටින ක්‍රිඩකයෙකි.ඩිල්ෂාන් කොතැනක පහර දුන්නද දක්ෂතා අතරට පැමිණිමේ හැකියාව ඇති ක්‍රීඩකයෙකු වුව,මේ මොහොතේ ඔහු ආරම්භක පිතිකරුවෙකු ලෙස යොදා ගැනීමෙන් කණ්ඩායමට එකතු වන ශක්තිය විශාල බව පසු ගිය කාලයේ විටින් විට ඔහු විසින් ඔප්පු කර තිබෙන කරුණකි.
විශාලතම ගැටළුව වී ඇත්තේ හොබාර්ට් තණතිල්ලේ ශ්‍රී ලංකාවේ පන්දු යැවීමේ බල ඇණියට වේග පන්දු යවන්නන් කී දෙනෙකු ඇතුළත් කරන්නේද යන්නයි.විශේෂයෙන් එක් දග පන්දු යවන්නෙකුට පමණක් මේ තණතිල්ලේ ඇති අවස්ථාව අනුව සුරාජ් රන්දිව් ට කණ්ඩායමෙන් ඉවතට යන්නට සිදු වන අතර ඒ හිදැසට දිමුත් කණ්ඩායමට කැදවන්නේ නම් ඇන්ජලෝ මැතිව්ස් ට තරගයේ නිත්‍ය පන්දු යවන්නෙකු ලෙස කටයුතු කිරීමට සිදුවනු ඇත.එසේම ඩිල්ෂාන්ට ඇතැම් විට පිතිකරු නාමාවලියේ පහළ අංකයකට පැමිණ කාලයකට පසුව පන්දු යවන්නෙකු ලෙස ද වැඩි දායකත්වයක් ලබා දෙන්නට සිදු වීමට ඉඩ ඇත.
කෙසේ නමුත් ඕස්ට්‍රේලියානු පිතිකරුවන් සියල්ලම පාහේ මෙම තරගාවලිය දැක දැක ලකුණු අතරට පැමිණි බව දන්නා ශ්‍රී ලංකා කණ්ඩායම විශාල ලකුණු ප්‍රමාණයකට යා හැකි පිතිකරු සංයුතියක් ගැන සිතීමට කණ්ඩායම තේරිමේදී අවධානය යොමු කරනු ඇතැයි සිතිය හැකිය.
www.supirikrida.com

No comments:
Post a Comment