තහනම් උත්තේජන චෝදනා එල්ල වූ තරගයට සහභාගි වෙමින් |
හිමාෂ ගෙන ඇත්තේ අතිරේක පෝෂණ ආහාරයක් වුව එහි මිතයිල්හෙක්සිමයින් (methylhexamine) නම් ඖෂධය අඩංගු වී .තිබීමෙන්ම පැහැදිළි වන්නේ එවැනි පරීක්ෂණයකින් සහ අනුමැතියකින් තොරව මෙවැනි ආහාර ලංකාවට ගෙන්විම නැවත්විය යුතු බව යැයි පෙන්වා දුන් මහාචාර්යවරයා,හිමාෂ ගෙන ඇති අතිරේක ආහාරය මේ වන විට ඇමෙරිකාවේ සාමාන්‍ය භාවිතයෙන්ද ඉවත් කර ඇති බව පෙන්වා දුන්නේය.එසේම එය මාරාන්තික ප්‍රතිපල අත්කර දිය හැකි දෙයක් හැටියට ඔප්පු කළ හැකි සාධක ද තමා සතු බව මහාචාර්යවරයා පැහැදිළි කළේය.
ඔහු හැකියාවක් ඇති අයෙකු ලෙස මීට පෙර ද ඔප්පු කර ඇති බව පෙන්වා දුන් මහාචාර්යවරයා ඒ අනුව වයස ද සැළකිල්ලට ගෙන වසර දෙකක් දිය හැකි දඩුවම් කාලය වසරකට සීමා කළ බව පෙන්වා දුන්නේය.එසේම මෙවැනි චෝදනා එල්ල වූ විට කිසිම විටෙක එම ඖෂධය ශරීරගත වීම සිදු වූ ආකාරය හෙළිදරව් නොවන අවස්ථා මෑත කාලයේදි දැක තිබෙන බව පෙන්වා දුන් මහාචාර්යවරයා නමුත් මෙහිදි ක්‍රීඩකයා මෙන්ම පුහුණුකරුද පළමු අවස්ථාවේදී ම තමන් භාවිතා කළ අතිරේක ආහාරය පිළිබදව පැහැදිළි කිරීමක් කිරීමද මෙම දඩුවම් කාලය වසරකට සීමා වීමට බල පෑ බව පැහැදිළි කළේය.
එහි අතිරේක ආහාරයේ තරග වැදීමට ආසන්නයේ නොගත යුතු බවට ඇති සදහන ගැන සුපිරික්‍රීඩා කළ විමසිමේදී මහාචාර්යවරයා පැහැදිළි කළේ ඉදිරියේදී එසේ තරග වැදීමට බොහෝ පෙර භාවිතා කළ ද උත්තේජන පරීක්ෂණවලින් ගැලවී සිටිය නොහැකි බව ය.නිතරග සමයේ හෝ වෙනත් තරග නොවදින අවස්ථා වලදී ද අහඹු ලෙස ඕනෑම අයෙකු පරීක්ෂණයකට භාජනය වීමට ඉඩ ඇති බව පැහැදිළි කළ මහාචාර්යවරයා එය ප්‍රතික්ෂේප කිරීමද දඩුවම් ලැබීමට හේතුවක් විය හැකි බව අනාවරනය කළේය.(2004 ඇතැන්ස් ඔලිම්පික් උළෙල නියෝජනය කිරීමට ග්‍රීක ක්‍රීඩිකාවකට සහ ක්‍රීඩකයෙකුට ද අවස්ථාව අහිමි වූයේ එසේ තහනම් උත්තේජන පරීක්ෂණයට පෙනී සිටීම මග හැරීම නිසාය)
පුහුණුකරුට දඩුවම් දිය හැකි ප්‍රතිපාදන වෛද්‍ය ඒකකය සතුව නැති බව පැහැදිළි කළ මහාචාර්යවරයා ඒ සම්බන්ධයෙන් වන නීති මේ වන විට සකස්වෙමින් පවතින බවත් පැහැදිළි කළ අතර නමුත් මලල ක්‍රීඩා සංගමයට සහ ඔහු රැකියාවේ යෙදෙන ආයතනවලට මෙම ක්‍රීඩකයාගේ වයසද සැළකිල්ලට ගෙන දඩුවමක් ලබා දීමට ප්‍රතිපාදන තිබෙන බව අනාවරනය කළේය.
ක්‍රීඩා කේෂ්ත්‍රයේ පරිපාලනයේ දුෂ්කරතාවය පිළිබදව වක්‍රාකාරයෙන් පැහැදිළි කළ මහාචාර්යවරයා තමන් මෙම වගකීම භාර ගත් තාවකාලික කාලය එළැඹෙන දකුණු ආසියාතික තරගාවලියෙන් අවසන් කරන බව පැහැදිළි කරමින් තමන්ගේ ඉතිරි කෙස්ගස් ප්‍රමාණය සුදු වීමට පෙර මෙය හැර යන බව කීවේය.
www.supirikrida.com
No comments:
Post a Comment