අපොන්සු ක්‍රීඩා සමාජය |
ගල්කිස්ස ශාන්ත තෝමස් ගෘහස්ත ක්‍රීඩා සංකීරණයේ දී ක්‍රියාත්මක වූ මෙම තරගාවලිය සදහා බස්නාහිර පළාත් සංගමයේ ලියාපදිංචි වූ හෝ ලියාපදිංචි නොවූ ක්‍රීඩා සමාජයකට දස්කම් දැක්වීමට හැකි පිරිදි තරග වැදීමේ අවස්ථාව විවෘත කර තිබූ බැවින් තරගාවලිය උණුසුම් මුහුණුවරක් ගත්තේය.ඒ නිසා ජාතික මට්ටමේ සිටින, ජාතික ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියෙන්ම සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශාල පිරිසකට මෙම තරගාවලියේ දක්ෂතා පෙන්වීමට හැකි වීම කැපී පෙණින.
ඕවල් ක්‍රීඩා සමාජ කණ්ඩායම |
පිරිමි ඩී කාණ්ඩයෙන් සූරතාවය හිමි වූයේ කළුතර දිස්ත්‍රික් බැඩ්මින්ටන් සංගමයට වන අතර අනු සූරතාවය ජොනියන්ස් බැඩ්මින්ටන් සමාජයට හිමි විය.
තරගාවලිය සදහා ප්‍රධාන අනුග්‍රාහක ආයතනය ලෙස එක් වූ සීමාසහිත එෆ්කේසී අයි ඒසියා පුද්ගලික සමාගම වෙනුවෙන් එහි ප්‍රධාන විධායක ඇන්ඩි ලී චාවෝ ද,සම අනුග්‍රහාකත්වයෙන් දායක වූ ඇස්ට්‍රොන් සමාගම වෙනුවෙන් එහි සන්නාම කළමණාකරු අසිත මීමැඩුම ද,ජාත්‍යන්තර බැඩ්මින්ටන් සම්මේලනයේ සුපිරිතරග සදහා සත්කාරකත්වය තීරණය කරන කමිටුවේ සභාපතිත්වය දරන සහ හිටපු බැඩ්මින්ටන් සංගම් සභාපතිවරයෙකු වන මහාචාර්‍ය රංජිත් ද සිල්වා ද,ඇතුළු පිරිසක් මෙහිදී ජය සංඛේත ප්‍රදානය සමග එක්විණි.
www.supirikrida.com
No comments:
Post a Comment