ලසිත් කඩුලු හයක් දවා ගනිද්දි මෙල්බෝර්න් කණ්ඩායමට නායකත්වය දුන් ෂේන් වෝන් ලකුණු 9 ට එක් කඩුල්ලක් දවා ගත් ෆෝක්නර් ලකුණු 16 ට කඩුලු 2 ක් සහ ලුක් රයිට් ලකුණු 7 ට කඩුලු 1 ක් දවා ගනිමින් පර්ත් ස්කොචර්ස් කණ්ඩායමේ ඉණිම ලකුණු 69 ට සීමා කළා.
පිළිතුරු ඉණිමට පිවිසි මෙල්බෝර්න් කණ්ඩායමේ ප්‍රහාරය ඕවර් 2 නිමා වන විටම වර්සාව හමුවේ නවතා දමන්නට වුව ද ඒ වන විට ලකුණු 29 ක් ලබා සිටි මෙල්බෝර්න් කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ජය හිමි වුණා.වර්ෂාවෙන් තරගයේ තීරණය ගිල ගන්නට නොදී පන්දු ඕවර් 15 ක් ගතවෙන තැන පර්ත් ඉණිම නිමා කරමින් මාලිංග, ප්‍රදර්ශණාත්මක පන්දු යැවීමක නිරත වීම නිසා තරගයේ තීරණයක් ගැනීම සදහා පන්දුවට පහරදීමේ අවස්ථාව මෙල්බෝර්න් කණ්ඩායමට හිමි වූ අතර මාලිංගේ ඒ සුපිරි පන්දු යැවීම ඔහු විවාදයකින් තොරව තරගයේ වීරයා බවට පත් කළා.
www.supirikrida.com
No comments:
Post a Comment