මහින්ද රාජපක්ෂ කුසලානය වෙනුවෙන් නාවලපිටිය ජයතිලක ක්‍රීඩාංගණය කේන්ද්‍ර කර ගනිමින් පැවති දකුණු ආසියාතික රටවල් හතරක් සහභාගි වූ ජාත්‍යන්තර පාපන්දු තරගාවලියේ සූරතාවය දිනා ගන්නට මාල දිවයින සමත් වුණා.ඒ පකිස්තානයට එරෙහිව ගෝල 2 - 1 ක ජයග්‍රහණයක් ලබමින්.තරගාවලියේ ආරම්භක තරගයේදී මාල දිවයින ශ්‍රී ලංකාවට එරෙහිව ගෝල 3 - 0 ක ජයක් ලබමින් ඇරඹි ගමන කුසලාන ජයග්‍රහණය මතින් නිම කරද්දී බංගලාදේශයට පමණක් ගෝල 1 - 0 ලෙස පරාජය වී තිබුණා.
අවසාන තරගයේදි පළමු භාගය ගෝල වලින් තොරව නිමා වූ අතර දෙවන භාගයේදි මාල දිවයින කණ්ඩායම වෙනුවෙන් වහීඩ් රිල්වාන් සහ අබ්දූල් අසදුල්ලා ගෝල රැස් කර ගන්නට සමත් වුණා.පකිස්තානය වෙනුවෙන් හිමි වූ එකම ගෝලය දඩුවම් පහරක් මගින් සයීඩ් අහමඩ් විසින් ලබා ගත්තා.
නමුත් පළමු තරගයේදී විදින්නට වූ පරාජය හේතුවෙන් පකිස්තානය සමග සම මට්ටමේ සිටියද ප්‍රතිවාදීන්ට ගෝල ලබා දීම සළකද්දී පකිස්තානයට අවසන් තරගයට ඒමට හැකි විය.www.supirikrida.com
No comments:
Post a Comment