දීර්ඝ කාලයක් තිස්සේ විශාල වශයෙන් චෝදනා එල්ල වූ බැඩ්මින්ටන් පරිපාලනය ක්‍රීඩා පරිපාලන අතරින් දූෂිතම පරිපාලනයක් බව ක්‍රීඩා අමාත්‍යවරයා මීට ටික දිනකට පෙර ප්‍රකාශ කරමින් ඔවුන්ට දැඩිව අවවාද කරන්නට යෙදුණ බව වාර්තා වුණා.අද එහි දෙවන පියවරට පිවිසෙමින් එල්ල වී තිබෙන විශාල දූෂිත චෝදනා 20 ක් පිළිබදව පරීක්ෂණයක් පැවත්වෙන බවත් ඉන් අනතුරුව පරිපාලනය සම්බන්ධයෙන් අමාත්‍යවරයා විසින් තීරණයක් ගනු ඇති බවත් ක්‍රීඩා අමාත්‍යංශ ආරංචි මාර්ග සදහන් කරනවා.
එසේම මේ මෑතකදී ශ්‍රී ලංකාවේ බැඩ්මින්ටන් පුහුණුකරුවන්ට ජාතික ඔලිම්පික් කමිටුවේද ආදාර අපකාර ඇතිව ලැබුණු පුහුණුව ආශ්‍රිත සහතිකයේ කිසිම ස්ථානයක බැඩ්මින්ටන් සදහා එය ලැබුණු බව සදහන් නොකර එම සහතිකය පිරවීම වැරදියට කිරීම සම්බන්ධයෙන්ද පියවරක් ගැනීමට අමාත්‍යවරයාගේ අවධානය යොමු වී තිබෙනවා.
www.supirikrida.com
No comments:
Post a Comment