අවසාන පන්දු ඕවර් කිහිපයේදී ලකුණු වේගය වැඩි කිරීම සදහා ඉවක් බවක් නැති ප්‍රහාරවලට යොමු වීමේ අවශ්‍යයතාවය ඇතිව පන්දුවට පහර දුන් බස්නාහිර කණ්ඩායමට එරෙහිව උපායශීලී පන්දු යැවීමක නිරත වෙමින් දිල්හාර කඩුලු අතරට පිවිසිණ.ඒ අනුව පන්දු ඕවර් 20 නිමා වන විට ලකුණු 136 ක් වූ ලකුණු පූවරුවට පිළිතුරු බැදීමට පිවිසි ඌව කණ්ඩායමේ දිල්ෂාන් මුණවීර පන්දු 14 කින් ලකුණු 21 ක් සහ අනතුරුව පිටියට පිවිසි භානුක රාජපක්ෂ පන්දු 16 කින් ලකුණු 19 ක් ද ලබා ගනිමින් ඌව කණ්ඩායමේ පළපුරුදු උපුල් තරංග වෙත ඇති වන පීඩනය ලිහිල් කරන්නට සමත් වූහ.එහි ප්‍රතිපලයක් ලෙස උපුල් සැළසුම් සහගත ලෙස ඉණිම ගොඩ නගමින් තෙවන කඩුල්ල සදහා පළපුරුදු සොහීබ් මලික් සමග තෙවන කඩුල්ලට නොදැවුණු ලකුණු 79 ක සබදතාවයක් ගොඩ නගමින් බස්නාහිර කන්ඩායමට පරාජය හිමි කර දුන්නේය.
සිය සුළු ලකුණු ප්‍රමාණය රැක ගැනීම වෙනුවෙන් පන්දු යැවීමෙන්ද දායකත්වය ලබා දුන් ඩිල්ෂාන් සිය පන්දු ඕවර් 4 ලකුණු 21 ට කඩුල්ලක් ලෙස නිමා කළ ද,ඊට සහය දක්වන්නට සිටියේ සිය පන්දු ඕවර් 4 ලකුණු 17 ට නිමා කරමින් කඩුල්ලක් දවා ගත් රංගන හේරත් පමණි.
ඊයේ දිනය අරඹමින් පැවති වයඹ සහ උතුර අතර තරගය පිතිකරුවන්ගේ ප්‍රදර්ශන පිතිහරඹය සදහා තෝතැන්නක් වූ අතර පන්දු ඕවර් 40 තුළ කඩුලු 8 ක් පමණක් දැවි වාර්තා වූ ලකුණු ප්‍රමාණය 362 ක් විය.පළමුව පන්දුවට පහර දුන් උතුර සිය පන්දු ඕවර් 20 කඩුලු 7 ට ලකුණු 179 ක් ලබා අවසන් කළේය.ඉර්ෆාන් ෆර්හත් එහිදී ලකුණු 51 ක් රැස් කළේ පන්දු 22 දී ය.ඊට චාමර කපුගෙදර එක් කළ ලකුණු 38 ක්,ෆර්විස් මහරුෆ් සහ මහේල උඩවත්ත ලකුණු 28 බැගින් කළ එක් කිරීම්ද එක් වූ පසුව පන්දු ඕවර් 20 අවසානයේ උතුර කණ්ඩායමට කඩුලු 7 ට ලකුණු 179 ක් දක්වා යාම අපහසු කාරියක් නොවිණ.එම දැඩි ප්‍රහාරය හමුවේ ඉසුරු උදාන ලකුණු 38 ට කඩුලු 2 ක් දවා ගත් අතර මිලින්ද සිරිවර්ධන ලකුණු වේගය යම් තරමක පාලනයකට හසු කර ගනිමින් ලකුණු 25 ට එක් කඩුල්ලක් දවා ගත්තේය.
පිලිතුරු ඉණිම ඇරඹු වයඹ කණ්ඩායමේ තමීම් ඉක්බාල් සහ කම්රාන් අක්මාල් සමස්ත තරගයම පකිස්තාන පිතිකරුවන්ගේ ප්‍රදර්ශණාත්මක පිතිහරඹ සංදර්ශණයක් බවට පත් කළ අතර ඔවුන් දෙදෙනා අතරින් දැවී ගිය එකම ක්‍රීඩකයා වූ කම්රාන් අක්මාල් ලකුණු 79 ට දැවී යන විට සමස්ත ලකුණු පූවරුව 176 ක් විය.නොදැවී ලකුණු 93 ක් ලැබූ තමීම් වයඹ කණ්ඩායමේ ජය තහවුරු කරද්දී උතුර කණ්ඩායම වෙනුවෙන් වයඹ කණ්ඩායමේ දැවී ගිය එකම කඩුල්ල දවා ගත් ක්‍රීඩකයා බවට පත් වෙමින් කෙවන් කූපර් ලකුණු 26 ට කඩුල්ලක් දවා ගත්තේය.
උතුර සහ වයඹ ලකුණු විස්තරයට පිවිසීම සදහා http://www.espncricinfo.com/sri-lanka-premier-league-2012/engine/match/571355.html
ඌව සහ බස්නාහිර ලකුණු විස්තරයට පිවිසීම සදහා http://www.espncricinfo.com/sri-lanka-premier-league-2012/engine/match/571356.html
www.supirikrida.com
No comments:
Post a Comment