තරගයේ මුල් කිලෝ මීටර් 5 පසුවන විට 84 වන ස්ථානයේ සිටි කුරේ,අර්ධ මැරතන් දුර ප්‍රමාණය නිමා කරන විට 78 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබිණ.ඒ සදහා පැය 1:08.26 ක් ගත කර තිබුණු අතර ඉන් අනතුරුව තරගයේ සමස්තයේම වේගය බිද වැටීමක් සිදු වූවා දැයි සැක සිතෙන තරමට පසුබැමක් වී තිබෙන පැහැදිළි වන්නේ කුරේ ඉතිරි අර්ධයේදී ක්‍රමයෙන් ඉදිරියට පැමිණ ස්ථාන 23 කින් ඉදිරියට පැමිණ තිබෙන නිසාය.නමුත් මේ බිද වැටීම ඉදිරයෙන්ම සිටි කණ්ඩායම් වලට බලපෑමක් වී නැති අතර පළමු අර්ධයේ දී ඉදිරියෙන්ම සිටි ලෝකඩ පදක්කම්ලාභී විල්සන් කිප්සෑන්ග් සහ කුරේ අතර පරතරය වූයේ විනාඩි 5:11 ක් වූ අතර නමුත් තරගය නිමා වෙද්දී ප්‍රථම ස්ථානය දිනූ උගන්ඩාවේ ස්ටීවන් කිප්රොටිච් සහ කුරේ අතර පරතරය විනාඩි 12:40 ක් විය.
නමුත් කුරේ වඩාත් වැදගත් වන්නේ එංගලන්තයේ පුහුණුවකට නොගොස් එහි විවිධ අනීතික කාරනාද රහිතව රැදී සිටිමින් රැකියාවක් කරන අතරේ,ස්වෝත්සාහයෙන් සිය පුහුණුවීම් කටයුතු වල නියැලී ඔලිම්පික් සුදුසුකම් ලැබීමේ තත්ත්වයට පත් වීමය.බොහෝ විට වෘත්තීය මට්ටමේ මලල ක්‍රීඩකයන් සමග එක්ව තරග කිරීමට ලැබීමේ හැකියාව ඒ ආකාරයෙන් ලැබීම වුව විශාල ජයග්‍රහණයක් බැවින් කුරේ ගේ නම සදහන් විය යුත්තේ රටට කීර්තියක් ගෙනා පුද්ගල ලේඛණයේ ය.
පැය 2:08.1 ක් වූ කාලයකින් තරගය නිමා කළ උගන්ඩාවේ සටීවන් රන් පදක්කම දිනා ගනිද්දී දෙවන ස්ථානය අබෙල් කිරුයි කෙන්යාවට දිනා දෙන්නේ පැය 2:08.27 ක කාලයක් ගත කරමින්ය.තෙවන ස්ථානය මේ වසරේ කැපී පෙනෙන විල්සන් කිප්සෑන්ග් ය.ඔහු පැය 2:09.37 කින් තරගය නිම කළ අතර මේ වසරේ හොදම කාලය වාර්තා කළ තරගකරුවන් අතරින් දෙවන ස්ථානයේ සිටි විල්සන් කිප්සෑන්ග් සිය හොදම කාලය වූ පැය 2:04.44 ක් පිලිබදව බලාපොරොත්තුවෙන් තරගයේ මුල් කිලෝ මීටර් 5 සිටම ඉදිරියෙන් සිටිය ද, පසුව තෙවැනියා ලෙස තරගය නිමා කළේය.වඩාත් වැදගත් කාරනය වූයේ දුර දිවීමට කෙන්යානුවන් සමග කරට කර සිටින කිසිදු ඉතියෝපියානුවෙක් තරගය නිමා නොකිරීම ය.ඒ අතර මේ වසරේ හොදම කාලය (2:04.23) වාර්තා කළ අයිලේ ඇබ්සෙරෝ ද විය.
මේ අතර දකුණු සුඩානයේ දේශපාලනික ස්වභායෙන් පීඩා විදින මැරිල් ගෝර් තරගාවලියට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු ධජය යටතේ සහභාගී වුව ද ඔහුට හිමි වුණේ 47 වන තැන ය.ඔහු තරගය නිමා කිරීමට ගත කළ කාලය පැය 2:19.32 ක් විය.තරගයට ඉදිරිපත් වූ තරගකරුවන් 105 ක් අතරින් තරග කරුවන් 85 දෙනෙක් තරගය නිම කිරීමට සමත් වූ අතර ස්ටීවන් ගේ තරග නිමි කිරීමේ කාලය වැටෙන්නේ කාලින දක්ෂතා අතර ලොව 65 වන ස්ථානයට ය.ස්ටීවන් මේ වසරේ හොදම කාලය ලෙස පැය 2:07.50 ක් වාර්තා කර තිබුණද එම කාලයට පිවිෂීමට මෙම ජයග්‍රහණයේදී ඔහුට නොහැකි විය.ඔහුගේ හොදම කාලය ලෙස ගැනෙන්නේ පැය 2:07.20 ය.
www.supirikrida.com
No comments:
Post a Comment