Aug 16, 2012

තේරීම් කමිටුවේ තීරණයට ඇමති අනුමැතිය හිමි වේ





ණ්ඩායම තේරීමේ දී තේරීම් කමිටුවේ තීරණයට එරෙහිව නැගි යම් අර්බුදකාරී තත්ත්වයන් ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරිය මැදිහත්ව විසදීමෙන් අනතුරුව තේරිම් කමිටුවේ තීරණට අනුව තෝරා ගන්නා ලද ක්‍රීඩා කණ්ඩායමට ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය හිමි වි ඇත.මේ සම්බන්ධයෙන් අර්බූදයේ මුල් අවස්ථාවේම  ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් සුපිරි ක්‍රීඩා කරුණු විමසීමක් කරන ලද අතර එහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ තේරිම් කමිටුවේ ස්වාධිනත්වයට හානි කර තීරණයක් තමන් නොගන්නා බවය.ඒ අනුව මත දෙකක සිටි දෙපාර්ශවයේ තීරණයන් පිළිබද ප්‍රායෝගික සත්‍යය කවරේද යන්න විමසා බැලීමට ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරියද තේරීම් කමිටුව සමග ක්‍රීඩා සැසියකට සහභාගි වූ අතර එහිදී අධ්‍යක්ෂ ජෙනරාල්වරියද තේරීම් කමිටුවේ තීරණය අනුමත කිරීමෙන් අනතුරුව ඔවුන් විසින් තෝරා ඉදිරිපත් කරන ලද කණ්ඩායමට අමාත්‍යවරයාගේ අනුමැතිය හිමි වී ඇත.
"තේරීම් කමිටුව තේරු කණ්ඩායම හොදයි,දැන් තියෙන්නේ එම කණ්ඩායම තරගයේදි භාවිතා කරන්නේ කොහොමද කියන එකයි.හයසින්ත් වගේම ඕස්ට්‍රේලියානු ජාතික පුහුණුකාරියද අත්දැකීම් ඇති අය.ඒ අය ඒ දේ කරයි.අමාත්‍යවරයා මේ තරගාවලිය වෙනුවෙන් සෑහෙන පහසුකම් ලබා දුන්නා.අපි ඒ වෙනුවෙන් යහපත් ප්‍රතිපලයක් ලබා දෙන්න මේ කණ්ඩායමට පුළුවන් වෙයි කියලා විශ්වාස කරනවා"යනුවෙන් පවසන ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරිය ඉදිරි දිනවලදී ද අමාත්‍යංශය සහ ක්‍රීඩා අමාත්‍යංශය පුහුණු සැසි පවා අධික්ෂණයට ලක් කරමින් කණ්ඩායම සමග රැදී සිට ඔවුන් දිරිමත් කිරිමට අවශ්‍යය පියවර ගන්නා බව පැවසීය.
මෙවර කණ්ඩායමේ සම නායිකාවන් ලෙස තර්ජණි සිවලිංගම් සහ ගයත්‍රි ලංකාතිලක කටයුතු කරන අතර කණ්ඩායමේ සිටින පළපුරුදු ක්‍රීඩිකාවන් අතර ශෂිකා සමරසිංහ සහ ධම්මිකා මල්කාන්ති 2001 ආසියානු කුසලානය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායමට ද ඇතුළත් ව සිටි ක්‍රීඩිකාවන්ය.මරිෂා ප්‍රනාන්දු ද අත්දැකිම් ඇති ක්‍රීඩිකාවක් වන අතර සේමිණි අල්විස්,චතුරංගී ජයසූරිය,විශාකා ජයසූරිය,තිසාලා අල්ගම,ගයනි දිසානායක,සමන්ති නිලූෂිකා,දීපිකා අබේකෝන් සෙසු ක්‍රීඩිකාවෝ වෙති.
කණ්ඩායමේ පුහුණුකාරීත්වය හයසින්ත් විජේසිංහට හිමි වී ඇති අතර පුහුණු උපදේශිකාව ලෙස ෂු ගාඩියන්  කටයුතු කරන්නීය.කණ්ඩායම් කළමණාකාරිය ලෙස දිනලි පිටිගලආරච්චි කටයුතු කරන අතර කණ්ඩායමේ වෛද්‍යවරයා ලෙස කටයුතු කරන්නේ වෛද්‍ය ලාල් ඒකනායක ය.
www.supirikrida.com

No comments: