Aug 14, 2012

තේරීම් කමිටුවේ තේරීමම අධ්‍යක්ෂ ජෙනරාල්වරියද තෝරයි

දැල් පන්දු තේරීම් කමිටුව විසින් තෝරා දෙන ලද කණ්ඩායමේ ක්‍රීඩිකාවක් ඉවත් කර වෙනත් ක්‍රීඩිකාවක් ඇතුලත් කිරීම සදහා කණ්ඩායම් පුහුණුකාරිය කරන ලද අරගලය ඊයේ ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරියගේ මැදිහත් වීමෙන් අවසාන වූ බව සුපිරි ක්‍රීඩා වෙත වාර්තා වෙයි.තේරීම් කමිටුව සහ අධ්‍යක්ෂ ජෙනරාල්වරිය ඉදිරියේ ඊයේ ක්‍රීඩිකාවන් නැවත ක්‍රීඩා කර ඇති අතර එහිදි තේරීම් කමිටුව කරන ලද තේරීම නිවැරදි බව අධ්‍යක්ෂ ජෙනරාල්වරිය විසින් පිළිගෙන ඇති බව ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සනාත කරයි.
ක්‍රීඩිකාවන් එසේ තරග වැදීමේදී තෝරාගෙන සිටින ක්‍රීඩිකාවන් ගේ දස්කම් මතු නොවන ආකාරයට ඔවුන් වෙත පන්දුව නොලැබෙන සේ කටයුතු කිරීමට ඇතැම් ක්‍රීඩිකාවන් උත්සාහ කිරීම පිළිබදව කළකිරීමට පත් අධ්‍යක්ෂ ජෙනරාල්වරිය ක්‍රීඩිකාවන් අමතා සිය පුහුණුකාරියට අවනත වීම හෝ ඒ අනුව ක්‍රියා කිරිම දැල් පන්දු පිටියට පමණක් සිමා කරන ලෙස ක්‍රීඩිකාවන්ට උපදෙස් ලබා දී ඇති අතර අනෙකුත් කාරණා වලදී දැල් පන්දු පරිපාලනය මෙන්ම අමාත්‍යංශය සහ සංවර්ධන දෙපාර්තමේන්තුව ද අවශ්‍යය පහසුකම් ලබා දෙනු ඇතැයි පෙන්වා දී ඇත.
අධ්‍යක්ෂ ජෙනරාල්වරිය සුපිරික්‍රීඩා අමතමින් ප්‍රකාශ කළේ තේරීම් කමිටුව තෝරා ඇති කණ්ඩායම හොද එකක් බවත් ඒ සදහා පුහුණුකාරිය සිය දක්ෂතාවය උපරිමයට ලබා දෙමින් එළැඹෙන ආසියාතික තුසලාන තරගාවලියේදි ශ්‍රී ලංකාව ජයග්‍රහණය සදහා මෙහෙයවනු ඇති බවත්ය.

දැල්පන්දු සහ සුපිරික්‍රීඩා
මීට පෙරද ජාතික දැල් පන්දු පුහුණුකාරිය ලෙස රටට ජයග්‍රහණ ගෙනවිත් ඇති 'හයසින්ත්' පුහුණුකාරියක ලෙස සෑම විටම ක්‍රීඩිකාවන්ගේ පාර්ශවයේ සිට ඔවුන්ගේ පහසුකම් වෙනුවෙන් අරගල කළ තැනැත්තියක් ලෙස අපේ මාධ්‍ය භාවිතය තුළ කොන්දේසි විරහිතව ඇගයීමට ලක් වූ සහ ඇයගේ පෙනි සිටීම් වෙනුවෙන් පෙනී සිටි අය වුව ද ඇය බලාපොරොත්තුවන්නේ ඇය කරන කුමන දෙයක් වුව ඇගයීමක් සහිතව පිළිගත යුතුය යන්න වීම නිසා මේ වන විට අප වෙබ් අඩවිය සම්බන්ධයෙන් දැඩි විරෝධයක නිරත වි සිටින්නීය.නමුත් ඇ‍යගේ හෘද සාක්ෂිය අතීතයේ සිට නැවත නැවතත් ඇය වෙනුවෙන් කොන්්දේසි විරහිතව පෙනී සිටි අපේ මාධ්‍ය භාවිතාවේ හැරුම් ලක්ෂය කවරේද යන්න විමසා බලන්නට වෙහෙසන බව අපි දනිමු.ඇතැම් විට ඒ හැරුම් ලක්ෂයේදී අපි ඇය දෙස විවේචනාත්මකව බැලීම තේරුම් නොගන්නේ ඒ ඇය ඇයට නැඹුරුව සිතීම නිසා මිස අපේ වරදක් නොවන බව අපි විශ්වාස කරන්නෙමු.අද ද හයසින්ත් කියන චරිතය මේ විරෝධ පෞද්ගලික ආරෝවක් ලෙස සළකා අප දෙස බලන්නට උත්සාහ කළ ද,එම චරිත ස්වභාවය අනුව ඇය හොද මිතුරියක් හිත උණුවන ගැහැණියක් ලෙස දර්ශී බව අප අදද පිළිගන්නෙමු.නමුත් මේ සියල්ල හයසින්ත් කියන චරිතය හා බැදුණු පුහුණුකාර භූමිකාවට බැදුණු විවේචනය .
එසේම ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන් විශාල පිරිසක් ඉවත්ව සිටියදි එම පිරිස පිළිබදව ක්‍රීඩා අමාත්‍යවරයාව දැනුවත් කරමින් මාධ්‍ය ලේකම් හර්ශ බී අබේකෝන් හා සම්බන්ධිකරණය තබා ගනිමින් ඒ අයව නැවත කණ්ඩායමට සම්බන්ධ කිරීමට අවශ්‍යය පසුබිම සකස් කිරීමට අප වෙබ් අඩවිය කටයුතු නොකරන්නට අද දකින්නට ලැබෙන ප්‍රබල කණ්ඩායම දකින්නට නොලැබෙන බව එම අවස්ථාව ලද ක්‍රීඩිකාවන් පවා නොදන්නා බව අපි දනිමු.ඒ අවස්ථාව ලබා දීමට අමාත්‍යවරයා ඇති වී තිබෙන තත්ත්වය තෙරුම් ගෙන එම ක්‍රීඩිකාවන් මුණ ගැසීමට අමාත්‍යංශය වෙත පැමිණියේ සිය දියණිය දැඩිව රෝගාතුරව රෝහලේ සිටිය දී බව ද අමාත්‍යවරයාට ගෞරවයක් ලෙස මෙහි සටහන් කළ යුතුය.
එසේම පසුගිය යුධ සමයේ තර්ජණි සිවලිංගම් ක්‍රීඩිකාව ආරක්ෂක අංශවල නොමනා සැකයට බදුන් වෙද්දි ඒ පිළිබදව ආරක්ෂක අංශ දැනුවත් කරමින් ආරක්ෂාව පිළිබද සහතිකයක් ලබා දිමට අපේ මාධ්‍ය භාවිතයේ එක් පියවරක් වැය කළ බව ඇතැම් විට ඇයද නොදන්නවා විය යුතුය.ඒ පිළිබදව අවශ්‍යය මැදිහත් විම කිරිමට අප සමග කටයුතු කළ එවකට පුහුණුකාරිය වූ තිලකා ජිනදාස,සභාපතිනිය වූ ට්‍රික්සි නානායක්කාර මෙන්ම යම් තරමකට කුමන පරිපාලනයක් යටතේ වුව සිය තනතුර රැක ගැනීමට සමත් යැස්මින් ධර්මරත්නද යම් තරමකට දන්නා බව අපි දනිමු.එසේම තවත් ක්‍රීඩිකාවන් ආබාධ වලට ගොදුරු වී ක්‍රීඩා කණ්ඩායමට  ඇතුළත් නොකිරිමට තීරණ ගෙන තිබූ මොහොතක බලධාරීන්ට එම කරුණු පෙන්වා දී එම තත්ත්වය වෙනස් කිරීමේ මැදිහත් විම පිලිබදව අප ප්‍රචාරයක් ලබා නොගත්තා සේම එම ක්‍රීඩිකාව හෝ දැනුවත් කිරීමට අත්සාහ නොකළේය.
ඒ සියල්ල අතරේ අප විසින් විරෝධතාවය දැක් වු තැන් වලදී එම විරෝධයේ පැහැදිළි පදනමක් තිබුණු බව ඒ සැම අවස්ථාවකම ක්‍රීඩාවට හානියක් වී තිබීම නිසා පැහැදිළි වී ඇත.උදාහරණයකට ස්කොට්ලන්ත සංචාරය නම් කළ හැකි අතර එහිදී සිදු වූ බිද වැටීම දිගින් දිගටම ලාංකේය දැල් පන්දුවේ වර්ථමාන පසුබැම දක්වා තල්ලු කරමින් පැමිණ තිබෙන බව ද පිළිගත යුතුය.
ක්‍රීඩිකාවන්ගේ ඉල්ලීමක් හෝ නැතුව ක්‍රීඩිකාවන් වෙනුවෙන් පෙනී සිටීමෙන් මෙන්ම,පුහුණුකාරියක ලෙස හයසින්ත් සාධනීය අරගල වල නියැලෙන අවස්ථාවන් හී ඊට දක්වා ඇති සහයෝගයත් මත සිදු වී ඇත්තේ දැල් පන්දු ක්‍රීඩාව ඉහළට ඔසවා තැබීමට කළ උත්සාහයන්ය.ඒ වෙනුවෙන් හෘද සාක්ෂියට එකගව ඇතැම් විට ක්‍රීඩිකාවන්ට හෝ නිලධාරීන්ට නැති තෘප්තියක් අපට ඇත.
ඒ නිසාම අප විසින් ඇති කරගත් විශ්වාසය නිරන්තරයෙන් ම අපට විශ්වසනීය තොරතුරු ගලා ඒමේ මාර්ග විවාත කර ඇත. සුළු ආබාධයක් නිසා කණ්ඩායමෙන් ඉවත් කරන්නට පිඹුරුපත් සකසන ක්‍රීඩිකාවක් ඇය හෝ නොදැන කණ්ඩායමේ රදවා ගැනීමට වාර්තාකරණයෙන් නොනැවතී කටයුතු කිරීමට හැකියාව අපට ලැබෙන්නේ එතැනින්ය.අප නිරන්තරයෙන්ම වාර්තාකරණය මෙන්ම අප විසින් ගොඩනගා ගත් ක්‍රීඩාව වෙනුවෙන් පෙනී සිටීමේ විශ්වසනීය පෞරශ්‍යය හරහා අසාධාරණයන් නිවැරදි කිරීමට ද උත්සාහ ගන්නෙමු.
එහිදී ක්‍රීඩාවට හෝ ක්‍රීඩකයනට ලැබෙන අවස්ථාවන් අපගේ ගිණුමට දමා ගැනීමට හෝ එය අප කළ බව ප්‍රසිද්ධ කිරිමට යාම හෝ අපේ සම්ප්‍රදාය නොවන නිසා දැල් පන්දු කණ්ඩායමේ බොහෝ දෙනෙකු ද ඔවුන් වෙනුවෙන් අප විසින් කළ කාර්යභාරයක් ඇති බව නොදන්නා නිසා නොව ඇතැමෙකු ද්වේශ සහගතව අප විවේචනය කිරීමට පෙළඹී තිබෙන නිසාත් ක්‍රීඩා පුහුණුව සහ ක්‍රීඩා කිරීම පසෙක ලා අපට තොරතුරු ලැබෙන ආකාරය සෙවීමට කාලය වැය කරමින් සිටින නිසාත් එය මෙසේ සදහන් කරන්නට සිතුවෙමු.
අප සියල්ල කරන්නේ ක්‍රීඩාව වෙනුවෙන්ය.ක්‍රීඩාව දෙවැනි කර ගත් න්‍යාය පත්‍ර ඇත්තන්ට එයින් රිදෙන්නට පුළුවන.එහෙත් අප නැවත නැවතත් ඉල්ලා සිටින්නේ ක්‍රීඩාවට මුල් තැන දී කටයුතු කරන බවය.ආසියානු කුසලානය නැවතත් අපේ රටේ තබා ගැනීමට වෙහෙස වන ලෙසය.ඔබ එය කළ විට අප පෙරහැරේ යන්නට නො'එන්නෙමු.ඔබට පෙරහැරේ යාමට පාවඩ එලන්නට අප සූදානම්ය.ඒ මොහොතට පැමිණ ඔබ ආපසු හැරි බලන විට ඔබට එක් දෙයක් වැටහෙනවා ඇත.නමුත් ඒ වැටහීමේ වර්ගපලය ඔබේ දේශපාලනික සවිඥානික බවට සාපේක්ෂය.ඒ හැගිම නම් මෙච්චරකල් මුන් කරල තියෙන්නේ අපිට පෙරහැරේ යන්න පාවඩ එලීමක් බවය.'මුන්' නම් අප ය.
ලාංකේය දැල්පන්දු කණ්ඩායමට ජය!
www.supirikrida.com

No comments: