ටී 46 කාණ්ඩයෙන් මීටර් 200 සහ 400 ඉසව් නියෝජනය කරන ප්‍රදීප් සංජය ලොව නව වන තැන පසුවන අතර එෆ් 44 කාණ්ඩයෙන් උස පැනීම තරගයට සහභාගි වන ලාල් පට්ටිවෙල සිටින්නේ ලොව සිව්වන තැනය.මීටර් 200 සහ දුර පැනීම යන ඉසව් සදහා ටී 44 කාණ්ඩයෙන් තරග වදින
ධුමීර මධුරංගට එහිදී ලොව 19 වන තැන හිමි වී ඇත.
ඒෆ් 42 කාණ්ඩයේ උස පැනීමෙන් ලොව පස්වන තැන සිටින ලෙස්ලි කුමාර මෙන්ම වරක් සිය ඛාණ්ඩයේ ලෝක වාර්තාවට ද හිමිකම් කී මීටර් 100 ඉසව්වෙන් 11 වන තැන ද,මීටර් 200 ඉසව්වෙන් 10 වන තැන ද සිටින අමරා ඉන්දුමතී ද මෙම ක්‍රීඩා උළෙල නියෝජනය කරන මලල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ වෙති.
රෝද පුටු ටෙනිස් තරග සදහා ඉදිරිපත් වන උපාලි රාජකරුණා මෙන්ම ගාමිණි දිසානායක ද ජගත් මට්ටමේ ඕනෑම ක්‍රීඩකයෙකුට අභියෝගයක් විය හැකි මට්ටමේ පසු වෙයි.මෑත ඉතිහාසය ගත්විට ඔවුන් දෙදෙනා සිටින තත්ත්වය ලෝක මට්ටමේ ඕනෑම ක්‍රීඩකයෙකුගේ හද ගැස්ම වෙනස් කළ හැකි තත්ත්වයක් බැවින් මෙවර පැරා ඔලිම්පික් තරගාවලියට සහභාගි වන සියළුම ක්‍රීඩක ක්‍රීඩාකාවෝ ජගත් මට්ටමෙන් ඉදිරියෙන් සිටින අය වීම බලාපොරොත්තු ඇති කරන්නකි.
www.supirikrida.com
No comments:
Post a Comment