එස්එල්පීඑල් 20 - 20 තරගාවලිය යටතේ රුහුණ සහ උතුර කණ්ඩායම් අතර පැවති තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 35 ක ජයක් ලබා ගන්නට රුහුණ කණ්ඩායම සමත් විය.පන්දු ඕවර් 16 ක් තුළ ලකුණු 146 ක ඉලක්කයක් හඹා ගිය උතුර කණ්ඩායම ලකුණු 95 ට සීමා කරන්නට පෙරමුණ ගත් රුහුණ නායක ලසිත් මාලිංග ලකුණු 21 ට කඩුලු 4 ක් දවා ගනිමින් තරගයේ ජයග්‍රහණය සිය කණ්ඩායම නතු කිරීමට පෙරමුණ ගනිමින් තරගයේ වීරයා බවට පත් විය.
පළමුව පන්දුවට පහර දුන් රුහුණ කණ්ඩායම වෙනුවෙන් ඉණිම ඇරඹූ ගිහාන් රූපසිංහ තමන් වෙත ක්‍රිකට් බලධාරින්ගේ අවධානය යොමු කරවන සුළු ඉණිමක නියැලෙමින් පන්දු 35 දී ලකුණු 50 ක් ලබා ගත්තේ මුත්තයියා මුරලිදරන් වැනි සුපිරි ක්‍රීඩකයන්ද දැඩි ප්‍රහාරයකට ලක් කරමින්ය.ඔහු සමග ඉණිම ඇරඹු ආරොන් ෆින්ච් ලකුණු 65 ක් ලැබූ අතර ඔවුන් දෙදෙනාගේ ආරම්භක කඩුල්ලේ සබදතාවයට වාරු වී වර්ෂාව නිසා තරගය නතර කරන විට පන්දු ඕවර් 16 දී ලකුණු 145 ක් දක්වා යන්නට රුහුණ කණ්ඩායමට හැකිවිය.
පිළිතුරු බැදීමට පිටියට බට උතුර කණ්ඩායමට මාලිංග මුලදීම හරස් වීම නිසා තරගය පිළිබද බලාපොරොත්තු කෙමෙන් ගිලිහෙන්නට වුව ද නායක ජෙහාන් මුබාරක් (28) සහ ෆර්විස් මහරූෆ් (32)යම් සටනක් ලබා දීමට මැද පෙළින් පැමිණ උත්සාහ දැරුවද ඒ වන විට උතුර කණ්ඩායමට හිස එසවීමට නොහැකි තරමට පීඩනය ගොඩනැගී තිබූ බැවින් එම උත්සාහයන් අතර මගදී ව්‍යර්ථව ගියේය.
තරගයේ සමස්ත ලකුණු විස්තරයට පහත සබදතාවයෙන් පිවිසිය හැකිය.
http://www.espncricinfo.com/sri-lanka-premier-league-2012/engine/current/match/571358.html
www.supirikrida.com

No comments:
Post a Comment