රියෝද ජැනෙයිරෝ හී 2016 දී පැවත්වෙන ඔලිම්පික් තරගාවලිය සදහා අලුතින් ඇතුළත් කිරීමට යෝජනා වී තිබූ ගෝල්ෆ්,සත් සාමාජික රගර් යන ඉසව් පළමු වරට ඔලිම්පික් තරගාවලියක් සදහා ඇතුළත් කිරීමට අනුමැතිය ලැබී තිබෙන බව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු වාර්තා පැහැදිළි කරයි.මේ සදහා යෝජනා වී තිබූ කයිට්ස් සර්ෆින්ග් ඉසව්ව වෙනුවට වින්ඩ්සර්ෆින් ඉසව්ව ක්‍රියාත්මක කිරීමට තීරණය වී ඇති අතර මීට පෙර සත් සාමාජික රගර් ක්‍රීඩාව ඇතුළත් නොවුණ ද ඔලිම්පික් ඉතිහාසයෙන් ලැබෙන කරුණු වලට අනුව 1900 දී පමණ ද ඔලිම්පික් සදහා පහළොස් දෙනෙකුගෙන් යුත් ක්‍රීඩා කණ්ඩායම් ක්‍රීඩා කරන රගර් ක්‍රීඩාව ඇතුළත් වී තිබේ.
නමුත් 1924 න් පසු ඔලිම්පික් පිටියේ රගර් පන්දුව දකින්නට ලැබි නැති අතර මෙම ක්‍රීඩා දෙකට අමතරව තවත් ක්‍රීඩා කිහිපයක් ඉදිරියේදී තව දුරටත් රියෝද ජැනෙයිරෝ තරගාවලියට ඇතුළත් වනු ඇතැයි විශ්වාසය පළ වෙයි.
www.supirikrida.com
No comments:
Post a Comment