Aug 14, 2012

තිසර සැරසූ පිටිය නසීර් වනසයි

Thisara Perera slogs on his way to a 33-ball 72ස්පීඑස්එල් තරගාවලිය යටතේ කදුරට සහ නැගෙනහිර කණ්ඩායම් අතර පැවති 20 - 20 තරගයේදී ආර් ප්‍රේමදාස පිටිය වර්ණවත් කළ තිසර පෙරේරා පන්දු 33 දී ලකුණු 72 ක් ලබා ගනිමින් දැක් වූ දක්ෂතාවය සදහා කදුරට සෙසු පිතිතරුවන්ගෙන් සැළකිය යුතු සහයක් නොලැබීම සහ නැගෙනහිර කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකරු ඉම්රාන් නසීර් පන්දු 32 කින් ලකුණු 58 ක් ලබා ගැනීමත් නිසා නැගෙනහිර කණ්ායම කඩුලු 7 ක ජයක් ලැබුවේය.
පළමුව පන්දුවට පහරදුන් කදුරට කණ්ඩායම සිය පන්දු වාර 20 ලකුණු 159 ට නිමා කළ අතර ඊට තිසරගේ ඉණිම හැරුනු විට යම් තරමක් හෝ දායකත්වයක් දැක් වූවේ ලකුණු 24 බැගින් ලැබූ කිත්රුවන් විතානගේ සහ මිස්බා උල්-හක් ය.
අජන්ත මෙණ්ඩිස්,සහ සචිත් පතිරණ ලකුණු 30 බැගින් ලබා දෙමින් කඩුලු දෙක බැගින් දවා ලූ අතර බෙන් ලාගින් ලකුනු 29 ට කඩුලු 2 ක් දවා ගත්තේය.පිලීතුරු ඉණිමට පිවිසි නැගනහිර කණ්ඩායමේ ආරම්භක කඩුල්ලේ සබදතාවය ලකුණු 85 ක් දක්වා ගෙන යාමට අහමද් ෂෙසාද්(34) හොද සහයක් ලබා දුන් අතර ඔවුන්ගේ ප්‍රවේගකාරීත්වය පදනම් කරගෙන සිය ඉණිම ගොඩ නැගූ නායක ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 42 ක් ලැබීය.
හොද පන්දු යැවීමක නියැලි කෞෂාල් ලොකුඅරච්චි ලකුණු 23 ට කඩුලු 2 ක් දවා ගැනීමට සමත් විය.
තරගයේ ලකුණු විස්තරයට පහත සබදතාවයෙන් පිවිසිය හැකිය.
http://www.espncricinfo.com/sri-lanka-premier-league-2012/engine/match/571357.html
www.supirikrida.com

No comments: