ජාත්‍යන්තර වශයෙන් විසීරි පවතින,රටවල් 25 ක ට වැඩි ප්‍රමාණයක ක්‍රියාත්මක ඇගළුම් විලාසිතා කර්මාන්තයට සම්බන්ධිත මිළදී ගැනිමේ සහ විකිණීමේ ජාලයක ශ්‍රී ලංකා නියෝජිතත්වය දරණ,'සිමාසහිත නොර්ලංකා මනුෆැක්චරින්ග්' තම ආයතනයට සම්බන්ධ 255 ක් පමණ වු සේවක පිරිස වෙනුවෙන් දෙවන වරටත් සංවිධානය කරන ක්‍රිකට් තරගාවලිය මෙම 18 වන සෙනසුරාදා කොළඹ සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී ක්‍රියාත්මක වීමට නියමිතය.
ශ්‍රී ලංකාවේ ඇගළුම් කර්මාන්තහාලා 60 ක් සමග පමණ සිය ව්‍යාපාරික ජාලය ක්‍රියාත්මක කරන නොර්ලංකා ආයතනය ඉකුත් වසරේ පළමු වරට සංවිධානය කරන ලද නොර්ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට එවර කණ්ඩායම් 10 ක් ඉදිරිපත් වුව ද මෙවර කණ්ඩායම් 18 ක් ඉදිරිපත් වීමට නියමිතය
www.supirikrida.com
No comments:
Post a Comment