Sep 9, 2013

ජපානයට ඔලිම්පික්

Tokyo 2020 chief executive Masato Mizuno, Japanese Prime Minister Shinzo Abe, Tokyo Governor Naoki Inose and ambassador Christel Takigawa celebrate as they are awarded the Olympics and Paralympicsර්ජන්ටිනාවේ බුවනෝස්අයර්ස් හී පැවති 2020 ඔලිම්පික් තරගාවලියේ සත්කාරකත්වය නම් කිරීමේ අවස්ථාව නිමාවට පත් වූයේ තූර්කියේ ඉස්තාන්බුල් නුවර සහ ස්පාඤ්ඤයේ මැඩ්රීඩ් නුවර පරාජයට පත් කරමින් 2020 ඔලිම්පික් සතකාරකත්වය ජපානයට හිමි වෙමින්ය.මේ වසරේ මාර්තු 4 සිට 7 දක්වා සත්කාරකත්වය ලැබූ ටෝකියෝ නුවර සැළසුම් සහ ආරක්ෂාව මෙන්ම පහසුකම් සහ වෙනත් ක්‍රීඩාවන්හී ශක්‍යතාවයන් උදෙසා වන යෝජනා සැළකිල්ලට ගනිමින් කරන ලද ඇගයීම් මණ්ඩලයේ තීරණයට අනුව ජයග්‍රහණය ප්‍රකාශ කරන්නට හේතු විය.
ටෝකියෝ නගරය ඒ ආකාරයට ඇගයීමට ලක් කළ ලෙසම ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ අගයීම් මණ්ඩලය මාර්තු 18 සිට 21 දක්වා ස්පාඤ්ඤයේ මැඩ්රීඩ් නුවරත් එම මාසයේ 24 සහ 27 යන දින වලදී තූර්කියේ ඉස්තාන්බුල් නගරයත් මේ ආකාරයටම ඇගයීමට ලක් කිරීමෙන් අනතුරුවත් මෙම තීරණය ප්‍රකාශ කරන්නට යෙදිණ 

No comments: