නමුත් ජනාධිපති ආර්යාවට පෙර පැමිණෙන ආරක්ෂක අංශ ඒ සියල්ල සිදු වන්නේ ඇය තුළ දරුවන් කෙරෙහි ඇති දයාව,කරුණාව හෝ ආදරය නිසා බව තේරුම් නොගෙන ඇති බව ප්‍රායෝගිකවම අත් දකින්නට මටම හැකි වුණා.ඇවිදීමට අපහසු දරුවෙකු සිය තරගයට සහභාගි වීම පිණිස ගුරුවරියන් දෙදෙනෙකුගේ අත එල්ලී විශාල දුරක් තරග ආරම්භය සදහා වාර්තා කළ යුතු ස්ථානයට යාමට පැමිණෙමින් සිටියා.එම දරුවා දරා ගැනීම එම ගුරුවරියන් දෙදෙනා ඉතා අපහසුවෙන් කරන බව හැගුණ නිසා,මමත් තවත් විෂේශ අධ්‍යාපන ගුරුවරයෙකුත් එම දරුවා වාරු කරගෙන පැමිණ ප්‍රධාන පීඪිකාව වෙත දරුවාව යොමු කිරීමට උත්සාහ කළ ද,ආර්යාවගේ ආරක්ෂක අංශ විසින් එය වළක්වාලනු ලැබුවා.
වාරුවක් නොමැතිව සිට ගෙන සිටීමට හෝ නොහැකි එම දරුවා ට මීටර් 10 ක් දුරින් පෙනෙන වාර්තා කළ යුතු ස්ථානයට මීටර් 50 ක ට නොවැඩි දුරක් ඇවිද ගොස් අදාළ ස්ථානයට ප්‍රවේශ වන ලෙස කරන ලද ඉල්ලීම වෙනස් කරන ලෙස ආරක්ෂක නිලධාරියාගෙන් කාරුණිකව ඉල්ලා සිටියද ඔහු එය තඹයකට මායිම් නොකර කවුරුන් වුව පැමිණිය යුත්තේ එම වටය ගසා ආරක්ෂක අංශවල පරික්ෂාවට ලක් වීමෙන් පසුව බව පවසා සිටියා.
මෙය දරුවන්ට ආදරය කරන ආර්යාවගේ තීරණයක් නොවන බව පැහැදිළි නමුත් පැමිණෙන්නේ කුමනාකාරයේ උත්සවයකට ද,යන්න පිලිබදව අවබෝධයක් නැතිව කටයුතු කරන ආරක්ෂක අංශවල සම්ප්‍රදායක ආරක්ෂක මෙහෙයුම් නිසා ආර්යාවගේ ආදරය හා කරුණාව අභියෝගයට ලක්වන අතර ඇය පිළිපද ඇති පැසසුම් සපිරි සිත් පළුදු වීම ඇය ඉක්මවා ජනාධිපතිවරයාට ද බලපාන පරිදි පුළුල් වෙනවා.ඒ වගේම නිලධාරීන් ද එතුමිය පැමිණිමට විශාල වෙලාවක් තිබියදී සරඹ සංදර්ශනය ආදියට සහභාගි වූ දරුවන් ක්‍රීඩා පිටියට රැගෙන සිටුවා තැබුවේ ඇයගේ සිත් දිනා ගැනීමට වුවත්,එයින් බොහෝ අයගේ සිත් රිදුණා.
දරුවන්ගේ අධ්‍යාපනය පිළිබදව සොයා බලන ශිරන්ති රාජපක්ෂ වැනි චරිතයක් විෂේශ දරුවන්ගේ සුළු අතපසුවීමකට ප්‍රමාදයකට නොකිපෙන බව තේරුම් ගන්නට නිලධාරීන්ට නොතිබි හැකියාව නිසා එහිදී ද ප්‍රක්ෂේපනය වූයේ ඇයගේ පැමිණීම නිසා දරුවන් වේදනා විදි බවයි.මේ නිසා ශිරන්ති රාජපක්ෂ ආර්යාව මෙවැනි උත්සවයකට පැමිණෙන විට සිය ආරක්ෂක අංශ මෙන්ම ඒ උත්සවයේ සංවිධානය කරන නිලධාරීන්ට ද තමන්ගේ කීර්ති නාමයට හානි නොවන අයරෙන් කටයුතු නොකරන්නේ කෙසේද යන්න වෙනම අවබෝධ කර දිය යුතුව තිබෙනවා.
විෂේශයෙන්ම කඩුව අතට ගන්නේ වදුරෙක්නම් රජුගේ ඉරණම කුමක් විය හැකිද යන්න පිළිබදව අපට ඉතිහාසය විසින් උගන්වා තිබෙන පාඩම මෙහිදී ජනාධිපති ආර්යාව යළි යළිත් මෙනෙහි කළ යුතුව තිබෙනවා.
www.supirikrida.com
No comments:
Post a Comment