ආසියානු කාන්තා වොලිබෝල් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම අද තායිලනත්යේ නාකෝන් හී දි චීන තායිපේ කණ්ඩායමට එරෙහිව තරග බිමට පිවිසීමට නියමිතය.ඒ,බී.සී සහ ඩී ලෙස කාණ්ඩ හතරක් යටතේ පැවත්වෙන මෙම තරගාවලියේ ඩී කාණ්ඩයෙන් තරග වදින හ්‍රී ලංකා කණ්ඩායමට අද මුණ ගැසෙන චීන තායිපේ කණ්ඩායම දැනට ආසියාවේ පස්වන ස්ථානයට ශ්‍රේණි ගතව සිටින කාන්තා කණ්ඩායම වන අතර අද පස්වර් 4.00ට පැවත්වෙන එම තරගයෙන් පසුව ශ්‍රී ලංකාවට හෙට හමුවීමට නියමිතව ඇත්තේ දකුණු කොරියාවය.දකුණු කොරියා කාන්තා කණ්ඩායම මේ වන විට ආසියාවේ කාන්තා වොලිබෝල් කණ්ඩායම් අතර තෙවන ස්ථානයට වර්ගීකරණය වී සිටින අතර හෙට පසුවරු 2.00 ට දකුණු කොරියාව සහ ශ්‍රී ලංකාව අතර තරගය පැවත්වීමට නියමිතය.
ශ්‍රී ලංකාව තරග වදින කාණ්ඩයේ සිටින අනෙක් කණ්ඩායම මියන්මාරය වන අතර ශ්‍රී ලංකාව සහ මියන්මාරය එම කාණ්ඩයේ සිටින ආසියානු ශ්‍රේනිගත කිරීම් වන මුල් කණ්ඩායම් අට අතරට ඇතුළත් නොවුණු කණ්ඩායම්ය.ශ්‍රී ලංකාව සහ මියන්මාරය අතර තරගය පැවත්වෙන්නේ 15 දා පෙරවරු 11.00 ට ය.තරගාවලියට කාණ්ඩ හතරක් යටතේ තරග වදින සමස්ත කණ්ඩායම් ප්‍රමාණය 16 කි.ඉරේෂා පෙරේරාගේ නායකත්වයෙන් තරග වදින ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ ආනන්ද වන්නිතිලකය.
www.supirikrida.com
No comments:
Post a Comment