Sep 13, 2013

I & D මේස පන්දු තරගාවලියට 550 ක්

ව වරක්ම ජාතික සූරිය වූ දීපිකා රොද්‍රිගෝ සහ ජාතික තලයේ මේස පන්දු ක්‍රීඩකයෙකු වන ඉන්දික ප්‍රසාද් විසින් නායකත්වය දෙන I & D  මේස පන්දු ඇකඩමිය විසින් පවත්වන්නට යෙදෙන බස්නාහිර පළාත් විවෘත මේස පන්දු තරගාවලියට 550 ක් පමණ තරගකරුවන් සහ තරගකාරියන් සහභාගි වීමට නියමිත බව එම ඇකඩමිය ප්‍රකාශ කරයි.සැප්තැම්බර් 14 සහ 15 යන දෙදින තුළ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලීය ගෘහස්ථ ක්‍රීඩා සංකීර්ණයේදී පැවත්වෙන මෙම තරගාවලිය ඉතා ඉහළ මට්ටමින් සංවිධානය කිරීම සිය අරමුණ බව එම ඇකඩමිය පෙන්වා දෙයි.
කොළම ප්‍රදේශයේ ජනප්‍රිය පාසල් නියෝජනය කරන තරුණ සහ ලාබාල ක්‍රඩක ක්‍රීඩිකාවන් විශාල පිරිසක් දැනටමත් මෙම ඇකඩමිය යටතේ මේස පන්දු පුහුණුව ලබමින් සිටින අතර ඒ සියල්ලගේ දායකත්වය මත මේ තරගාවලිය සාර්ථකව නිමා කිරීම සංවිධායකයන්ගේ අරමුණ වී ඇත.
www.supirikrida.com

No comments: