Sep 11, 2013

ජන හද තවමත් සංගාට ඉදිරියේදි හොදම ලකුණු සටහන් කරු සහ තණතිලි භාරකරුත් අගයමුද?


ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝකයේම ජනතා ප්‍රසාදයට පත් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ගෞරවයට පත්‍ර වූ කුමාර සංගක්කාර ශ්‍රී ලංකාවේද වඩාත්ම ජනතා ප්‍රසාදය දිනූ ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ඊයේ ඩයලොග් ක්‍රිකට් සම්මාන උළෙලෙදී පිදුම් ලැබූ අතර වසරේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස දග පන්දු යවන රංගන හේරත් අභිෂේක ලැබීය.කුමාර සංගක්කාර ටෙස්ට් පතිකරුවන් අතර ද හොදම පිතිකරු ලෙස ඇගයීමට ලක් වූ අතර එහි දී යළිත් හොදම පන්දු යවන්නාගේ සම්මානය හිමි වූයේ රංගන හේරත්ට ය.

වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩකයන් අතර හොදම පිතිකරු සම්මානය ටීඑම් ඩිල්ෂාන් දිනා ගත් අතර හොදම පන්දු යවන්නා වූයේ ලසිත් මාලිංග ය.තුන් ඉරියව් දක්ෂතා වෙනුවෙන් ඇගයීමට පත් එක්දින ක්‍රීඩකයා වූයේ ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් ය.ශ්‍රී ලංකා ක්‍රිඩිකාවන් අතරින් දක්ෂතම පිතිකාරිණිය ලෙස දීපිකා රසාංගිකා ඇගයීමට පත් වූ අතර චාමිණි සෙනවාරත්න දක්ෂතම පිතිකාරිණිය ලෙස ඇගයීමට ලක් වූවාය.හොදම තුන් ඉරියව් ක්‍රීඩිකාව ලෙස ශෂිකලා සෙනවිරත්න සම්මානයට පාත්‍ර වූවාය.
විනසුරුවන් ඇගයීම ද මෙහිදී සිදු වූ අතර එහිදී හොදම දේශිව විනිසුරු ලෙස මෑතකදී ජාත්‍යන්තර විනසුරුු වරම් ලැබූ රවීන්ද්‍ර විමලසිරි (රාජා) සම්මානයට පාත්‍ර වූවාය.මෙම සම්මාන උළෙලේදී මාධ්‍යකරුවන් ඇගයීමට ලක් වීම විශේෂ සිදු වීමක් ලෙසදැකිය හැකි අතර එහි දී ඉංග්‍රීසි මාධ්‍යයෙන් එල්මෝ රුද්‍රිගොපිල්ලේ ද දෙමළ මාධ්‍යයෙන් නෙවිල් ඇන්තනී ද සම්මානයට සුදුසකම් ලැබූ අතර සිංහල මාධ්‍යකරුවන් අතරින් එම ඇගයීම දිනා ගත්තේ ලංකාදීප ක්‍රීඩා සංස්කාරක දමින්ද විජේසූරිය.හොදහ ක්‍රීඩා මාධ්‍යවේදියාගේ සම්මානය ‍චන්නක ද සිල්වා විසින් දිනා ගත්තේය.ඇගයීම් මණ්ඩලයේ විශේෂිත නිර්දේශ මාධ්‍ය සම්මානය දේශිය වශයෙන් ක්‍රිකට් ප්‍රචලිත කිරීම උදෙසා සිය හඩ දායකත්වය නොමසුරුව ලබා දුන් මාධ්‍යවේදී පාලිත පෙරේරා ට හිමි විය.
මීට අමතරව ඩයලොග් සම්මාන උළෙලේදී දේශිය ක්‍රිකට් පිටියේ පැවත්වෙන ප්‍රධාන තරගාවලි ආශ්‍රිතව සෑම කාණ්ඩයකම වඩාත් දක්ෂ ක්‍රීඩකයන ඇගයීම සිදු වූ අතර මෙම සම්මාන උ‍ළෙලේදී විනසුරුවන්,මාධයවේදීන් ඇගයීමට ලක් වූ ආකාරයෙන්ම ඉදිරියේදී සම්මාන සහතිකයකට හෝ යටත් කරමින් හොදම ලකුණු සටහන් කරු,තණතිලි භාරකරු ආදී ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රබෝධයට හේතුවන චරිත සදහාත් යම් ඇගයීමක් ලබා දෙන්නට හැකි නම් එයද ක්‍රිකට් ක්‍රීඩාවේ අභිවෘද්ධියටම හේතු වනවා ඇත.

No comments: