තායිලන්තයේ නාකෝන් හී ඇරඹි 2013 ආසියානු කාන්තා වොලිබෝල් සූරතාවලියේදී ශ්‍රී ලංකාවට සහභාගි වූ පළමු තරගයෙන් චීන තායිපේ කණ්ඩායම ඉදිරියේ අභියෝගයක් ලබා නොදීම පරාජය විද ගැනීමට සිදු විය.ප්‍රථම වට දෙකම ලකුණු 25 - 6 සහ 25 - 6 ලෙස පරාජය ලැබූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ අවසාන වටයේදී ලකුණු 13 ක් ලබා ගැනීමට සමත් විය.ආසියාවේ පස්වන ස්ථානයේ පසුවන චීන තායිපේ කණ්ඩායම ඉදිරියේ ශ්‍රී ලංකාව එසේ පරාජය වෙද්දී ශ්‍රී ලංකාව සහභාගි වන කාණ්ඩයේ ප්‍රබලතම කණ්ඩායම වන ආසියාවේ තෙවන තැන සිටින දකුණු කොරියාව මියන්මාරය පරාජය කළේ ලකුණු 25 - 7,25 - 11 සහ 25 - 12 ක් ලෙස ය.
ශ්‍රී ලංකාව තරග වදින්නේ ඩී කාණ්ඩයෙන් වන අතර සී කාණ්ඩයේ තරග වලදී ජපානය වියට්නාමය වට 3 - 0 කින් පරාජය කළ අතර,ඉන්දුනීසියාව හොංකොං පරාජයට පත් කළේ ද වට 3 - 0 ක් ලෙස ය.බී කාණ්ඩයේ තරග වලදී ඉන්දියාව වට 3 - 0 කින් පිලපීනය පරාජය කළ අතර චීනය ඉරානය පරාජය කළේ ද වට 3- 0 ක් ලෙස ය.ඒ කාණ්ඩයේ තරග වල දී වට 3 - 0 ක් ලෙස ඕස්ට්‍රේලියාව විසින් මොංගෝලියාව පරාජයට පත් කළ අතර ඊයේ දක්නට ලැබුණු තියුණුම තරගයෙන් කසකස්තානය ජය අත් කර ගත්තේ සත්කාරක තායිලන්තය වට 3 - 1 ලෙස පරාජයට පත් කරමින්ය.එහිදී ලකුණු තත්ත්වය 26 - 24,26 -24,17 -25 සහ 25 - 20 ක් ලෙස දිස් විය.
www.supirikrida.com

No comments:
Post a Comment