Sep 14, 2013

දැල්පන්දු විනිසුරු ලීඛිත පරීක්ෂණ 28 දා


 ශ‍්‍රී ලංකා නෙටිබෝල් සමිමෙිලනය මගින් සංවිධානය කරනු ලබන නෙටිබෝල් විනිසුරු ශ්‍රේණිගත කිරිමේ ලිඛිත පරීක්ෂණය සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා දීන පෙ.ව. 9:00 ට දීවයින පුරා මධ්‍යස්ථාන 09කදී ආරම්භ වේ. සිංහල,දෙමළ හා ඉංග‍්‍රිසි මාධ්‍ය වලින් පැවත්වෙන ඒ,බී,සී ලිඛිත පරීක්ෂණය සඳහා අයදුම්කරුවන් 650 කට අධික සංඛ්‍යාවක් අයදුම්පත් ඉදීරිපත් කර ඇත.
 ප‍්‍රවීන විනිශ්චකාර මහත්මීන් ගේ සුපරීක්ෂණය යටතේ පහත සඳහන් මධ්‍යස්ථාන වලදී පරීක්ෂණය පැවැත්වීමට ශ‍්‍රී ලංකා නෙට්බෝල් සමිමේලනය කටයුතු සංවිධානය කර ඇත.

1. කොළඹ 09 - අනුරුද්ධ බාලිකා විද්‍යාලය

2. යාපනය - වෙම්බඩි බාලිකා විද්‍යාලය

3. මහනුවර - සීතා දේවි  බාලිකා විද්‍යාලය

4. බදුල්ල - විහාර මහා දේවි බාලිකා විද්‍යාලය

5. පොලොන්නරුව- තෝපාවැව මහා විද්‍යාලය

6. මාතර - ශාන්ත මේරි කන්‍යාරාමය

7. කුරුණැගල - මලියදේව  බාලිකා විද්‍යාලය

8. රත්නපුර - සබරගමුව විශ්ව විද්‍යාලය

9. බණ්ඩාරවෙළ - ඌව ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය

මෙහිදී ඒ හා බී විනිසුරු ලිඛිත පරීක්ෂණ  කොළඹ මධ්‍යස්ථානයේදී පමණක් පැවත්වීමට ද සම්මේලනය තීරණය කර ඇත.

No comments: