දීර්ඝකාලීන වැඩ පිළිවෙළක් සහිතව ආසියානු කුසලානය ඉලක්ක කර ගනිමින් ජාතික පුහුණුකාරිණියක් පත් කිරීම පසෙක තිබියදී නේෂන් කුසලාන තරගාවලිය සදහා තාවකාලික පුහුණුකාරිණියක ගෙන ඒම පල රහිත වුව ද,දැල්පන්දු සම්මේලනය මෙම මස 25 දාට පෙර සුදුසුකම් ඇති දැල්පන්දු පුහුණුකාරිණියනට ලේකම්,287/1,ස්ටැන්ලි තිලකරත්න මාවත,නුගේගොඩ යන ලිපිනයට ඉල්ලුම්පත් යොමු කරන ලෙස ඉල්ලා සිටියි.ජාත්‍යන්තර අත්දැකීම්,වර්ථමාන පුහුණු කටයුතු,පළපුරුද්ද මෙන්ම වෘත්තිය සුදුසුකම් සහ හැදෑරීම් පිලිබදව විස්තර ද සහිතව පුහුණුකාරිණියනට සිය ඉල්ලුම්පත් ඉහත ලිපිනයට යොමු කිරීමේ අවස්ථාව ඇත.මේ පිළිබදව අදහස් දැක් වූ කේෂ්ත්‍රයට සම්බන්ධ ඇතැම් අය පෙන්වා දුන්නේ දැනට පරිපාලනයට සම්බන්ධ එහි බලධාරීත්වයට බොහෝ සමීපකම් ඇති අයෙකු මේ වන විටත් එම තනතුරට ගෙන ඒම අපේක්ෂාව වී ඇති බවය.එය අපක්ෂපාතීව සිදුවන බව පෙන්වීමට මෙසේ ඉල්ලුම්පත් කැදවා ඇති බව පෙන්වා දෙන ඔව්හූ,පත්වීමට නියමිත පුහුණුකාරිණිය ඇතැම් අයට මේ වන විටත් සිය පුහුණුකාරිණිය ලෙස සංචාරයට එක් වීමට ආරාධනා කර ඇති බව ද එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.
මේ අතර ක්‍රීඩිකාවන් ජාතික සංචිතයට තේරීම සදහා වන පරීක්ෂණය සැප්තැම්බර් 26 වන දා පෙරවරු 8.00 ට සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවත්වෙන අතර ඒ සදහා සහභාගි වන පිරිස එදින පෙරවරු 7.30 ට පෙර ක්‍රීඩාංගණයට වාර්තා කළ යුතුව ඇත.ක්‍රීඩිකාවන් යොමු කිරීමේදී අවුරුදු 18 ට වැඩි සහ අවුරුදු 30 ට අඩු ක්‍රීඩිකාවන් යොමු කරන ලෙසද,උස අඩි 5.6 ක් වන හෝ ඊට වැඩි ක්‍රීඩිකාවන් යොමු කිරීමට පියවර ගන්නා ලෙසත් දැල්පන්දු සම්මේලනය දිස්ත්‍රික් සංගම් සහ ක්‍රීඩා සංගම් දැනුවත් කර ඇත.අදාළ පුහුණු පරීක්ෂනයේදී ක්‍රීඩිකාවන්ට ලබා දෙන අංක ඉදිරි සහ පසුපස රදවා තබා ගන්නා ලෙස ක්‍රීඩිකාවන් දැනුවත් කරන ලෙසත් එම නිවේදනයෙන් දැණුම් දී ඇත.
මේ සම්බන්ධයෙන් වැඩි තොරතොරු ලබා ගැනීමට දැල්පන්දු සම්මේලන ලේකම් ශ්‍යාමා කුරේ දුරකතන අංක 0714186521 න් හෝ උප ලේකම් සුධර්මා ජයවර්ධන අංක 0773258307 න් සම්බන්ධ කිරීමේ හැකියාව ඇත.
www.supirikrida.com
No comments:
Post a Comment