Sep 8, 2013

යදමින් මිදුණු වේගය වාර්තා පොත් අතරට

ක්තිජනක පානයක් ලෙස භාවිතයට ගත් කිරිපිටි වර්ගයක් හේතුවෙන් තහනම් උත්තේජන භාවිතයට ගොදුරුව කෙටිකාලීන තරග තහනමකට යටත් ව සිටි හිමාෂ ඒෂාන් කෙටි කාලීන දඩුවමෙන් පසුව මෙවර ප්‍රසිද්ධ පාසල් මලල ක්‍රීඩා උළෙලට ඉදිරිපත් වෙමින් මීටර් 100 ඉසව්වේ මූලික වටය ජය ගත්තේ තත්පර 
10 .69 ක කාලයක් වාර්තා කරමින්ය.මූලික තරග වටයේදී වාර්තා වූ මෙම කාලය ප්‍රසිද්ධ පාසල් මලල ක්‍රීඩා ඉතිහාසයේ අවුරුදු 20 න් පහළ මීටර් 100 ඉසව්ව ඉදිරියේ නව වාර්තාවක් සනිටුහන් කිරීමක්ය.
ජාතික තලයේ දී මීටර් 100 වෙනුවෙන් වාර්තා වන කාලය ගත්තද හිමාෂ ගේ වාර්තා ගත කාලය බොහෝ ඉදිරියෙන් තිබෙන අතර අද දින පැවත්වෙන අවසාන තරගවලදී හිමාෂ ට එල්ල වන තරගකාරීත්වය මත ඔහුගේ කාලය තව දුරටත් යහපත් විය හැකිය.කළුතර විද්‍යාලයෙන් මලල ක්‍රීඩා පිටියට පිවිසි හිමාෂ ඒෂාන් ගෙවුණු ආසියාතික කණිෂ්ඨ මලල ක්‍රීඩා සූරතාවලිය නියෝජනය කරමින් මීටර් 100 ඉසව්වේ අවසාන තරගය නියෝජනය කරන්නට සුදුසුකම් ලැබූ අතර අනතුරුව ඔහු තහනමට ලක්වන විට මීටර් 100 ඉසව්වේ ඉදිරියෙන්ම සිටින ලාංකේය ක්‍රීඩකයා බවට පත් වී සිටියේය.හිටපු කෙටි දුර ධාවකයෙකු වූ චමින්ද පෙරේරා හිමාෂගේ පුහුණුකරු ලෙස කටයුතු කරන්නේය.
www.supirikrida.com

No comments: