![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjHbPd-0Y1CkuAO_t6d-6B9BqkEO8mQc3tTVeWwtoFPQOEab8fF1xfbYFPfGwZrxiKec7w8GgCORreASqcEt3z0pSuvfRy-vp5fY74jCtSIEXysmMVCUgFasLOj1vxDKMUkSlHPU1-eAd8/s1600/dulakshi1.jpg)
ඊයේ පැවති සෙසු තරග වලදී කාන්තා දුර පැනීමේ තරගය ජය ගැනීමට එන්සීඩී ප්‍රියදර්ශණී සමත් වූවාය.කාන්තා කවපෙත්ත තරගය ජය ගත්තේ සොනාලි කුමාරී වීරසේකරය.තාරිකා කුමුදුමාලි ප්‍රනාන්දු කාන්තා යගුලිය වීසිකිරීමේ තරගය ජය ගත්තාය.සුජානි බුද්දිකා කගකට පසුව මීටර් 200 ඉසව්ව තත්පර 24 ට අඩුවෙන් ධාවනයේ යෙදෙමින් තත්පර 23.92 කාලයකින් ජය ගත්තාය.එසේම ජාතික උස පැනීමේ වාර්තාලාභිණිය වන ප්‍රියංගිකා මධුමන්ති සිය නම තවත් වාර්තාවකට දායක කර ගනිමින් මීටර් 1.81 ක උසක් තරණය කරමින් නව ක්‍රීඩා උළෙල වාර්තාවක් තැබීමට සමත් වූවාය.
මලල ක්‍රීඩා සංගමය විසින් නිකුත් කරන ලද නිල ප්‍රතිපල ලේඛණයට පහත සබදතාවය හරහා පිවිසිය හැකිය.
https://docs.google.com/file/d/17DStq4y4hbSZSdbiV5vBvoTTBj7FQZ7hMnaCStcYetkCidR1KquCmE1SkKVC/edit
www.supirikrida.com
No comments:
Post a Comment