තරිදු කෞෂාල් |
එම තරගාවලියට තරිදු තෝරා ගැනීමේ දී අකිල ධනංජය ඉවත් කරන්නට යෙදුණු අතර එම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වූ 20 / 20 එස්එල්පීඑල් තරගාවලිය හරහා අකිල තරිදු අභිබවා පෙරට පැමිණ ඉකුත් 20 / 20 ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ස්ථානයක් දිනා ගැනීමට සමත් විය.ඒ අනුව තේරීම් කමිටුව යම් අභියෝගයකට ලක් විය.එම අභියෝගයට පිළිතුරක් ලෙස ඉදිරි එක්දින තරග දෙක සදහා සහ ටෙස්ට් තරග සදහා තෝරා ගන්නා ලද කණ්ඩායම් සදහා තරිදු කෞෂාල් ඇතුළත් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන ඇත.
එක්දින සංචිතය -මහේල ජයවර්ධන,ඇන්ජලෝ මැතිව්ස්,කුමාර සංගක්කාර,දිනේෂ් චන්දිමාල්,ලසිත් මාලිංග,නුවන් කුලසේකර,උපුල් තරංග,ලහිරු තිරිමාන්න,තිසර පෙරේරා,ජීවන් මෙණ්ඩිස්,රංගන හේරත්,සමින්ද එරංග,චාමර කපුගෙදර,අකිල ධනංජය සහ තරිදු කෞෂාල්
ටෙස්ට් සංචිතය - මහේල ජවර්ධන,ඇන්ජලෝ මැතිව්ස්,කුමාර සංගක්කාර,ටීඑම් ඩිල්ෂාන්,දිනේෂ් චන්දිමාල්,තරංග පරණවිතාන,ධම්මික ප්‍රසාද්,චානක වෙළගෙදර,සමින්ද එරංග,ප්‍රසන්න ජයවර්ධන,රංගන හේරත්,තිලාන් සමරවීර,සුරාජ් රන්දිව්,රංගන හේරත්,නුවන් කුලසේකර,තරිදු කෞෂාල්
www.supirikrida.com
No comments:
Post a Comment