රටක ක්‍රීඩාවක පිබිදීමට අත්‍යවශ්‍යම සහය ටික කලක සිට අහිමිව සිටි ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාවට යළි එම සහයෝගය ලැබෙන බවට සහතිකයක් ලැබෙමින් වෙළද සේවා වොලිබෝල් සංගමය ක්‍රියාකිරී වෙමින්,වෙළද සේවා වොලිබෝල් තරගාවලියක් කරළියට ගෙන ඒමට සූදානම් වෙයි.දෙසැම්බර් 1 සහ 2 යන දෙදිනත් දෙසැම්බර් 16 යන දිනයේත් මේ තරගාවලිය මහරගම තරුණසේවා සබා පරිශ්‍රමයේදී පැවත්වීමට කටයුතු යොදා ඇත.රුපියල් ලක්ෂ ගණනින් ජයග්‍රහාකයන් පිදෙන මෙම තරගාවලියේ මූල්‍ය අනුග්‍රහය සදහා ප්‍රධාන වශයෙන් ලංකා ටයිල්ස්,ඩීඑස්අයි සහ ස්කෑන් ජම්‍බෝ නිෂ්පාදයන් වන සීඩබ්ලිව් මැකී යන ආයතනත් ඉදිරිපත් වී සිටියි.ඉදිරියේදී ඩයලොග්,රෙඩ්බුල්,එච්එන්බී,මාස්,බ්‍රැන්ඩික්ස් ආයතනත්අනුග්‍රහය සදහා සහය වීමට පැමිණ සිටියි.
තරගාවලියේ අයදුම්පත් www.supirikrida.com වෙබ් අඩවිය ඔස්සේ ලබා ගැනීමට පහසුකම් සළසා ඇති අතර දෙසැම්බර් පළමු දින සහ දෙවන දින මහරගම තරුණ සේවා එළිමහන් ක්‍රීඩාංගණයේ පැවත්වෙන පළමු වටයේ තරග වල සිටම දෙසැම්බර් 16 වන දින මහරගම තරුණසේවා සභා ගෘහස්ත ක්‍රීඩා සංකීරණයේ පැවත්වෙන තෙවන ස්ථානය තීරණය කරන තරගය සහ අවසන් තරගය දක්වාම තරගයෙන් තරගයට සජීවි ප්‍රතිපල ප්‍රචාරය කිරීමට ද www.supirikrida.com වෙබ් අඩවිය කටයුතු සූදානම් කර ඇත.
පිරිමි අංශයේ ජයග්‍රාහකයන් සදහා රුපියල් 150,000 ක් දෙවන ස්ථානය සදහා රුපියල් 100,000 ක් සහ තෙවන ස්ථානය සදහා රුපියල් 50,000 ක් පිරිනැමීමටත්,කාන්තා අංශයේදී ජයග්‍රහණය සදහා රුපියල් 100,000 ක්,දෙවන ස්ථානය සදහා රුපියල් 50,000 ක් සහ තෙවන ස්ථානය සදහා රුපියල් 25,000 ක් පිරිනැමීමටත් තීන්දු වී ඇත.දක්ෂතම ක්‍රීඩකයා සදහා රුපියල් 10,000 ක් ද පිරිනැමීමට කටයුතු සූදානම් කර ඇත.
www.supirikrida.com
No comments:
Post a Comment