ශ්‍රී ලංකාවේ අංක එකේ බැඩ්මින්ටන් ක්‍රීඩකයා වන නිලූක කරුණාරත්න අද බහරේන් ජාත්‍යන්තර බැඩ්මින්ටන් අභියෝග සූරතාවලියේ අවසාන තරගයට ඉන්දියාවේ සායි ප්‍රනීත් ට එරෙහිව මුහුණ දීමට නියමිතය.අවසාන තරගය දක්වාම සෘජු ජයග්‍රහණ වාර්තා කරමින් ඉදිරියට පැමිණි නිලූක,මෙම තරගාවලියට ඉදිරිපත්වන ක්‍රීඩකයන් අතර සිටින ප්‍රබලතම ක්‍රීඩකයාය.
මේ වන විට අංක 43 ට ශ්‍රේණිගතව සිටින නිලූක ට අද හමුවන ඉන්දීය ක්‍රීඩකයා ලොව 71 වන ස්තානයට ශ්‍රේනිගතව සිටින ක්‍රීඩකයා ය.ඔහුගේ උපරිම දක්ෂතාවය 65 වන ස්ථානයට ශ්‍රේණිගත වීම බැවින් නිලූකට විශාල අභියෝගයක් එල්ල වේ යැවි අපෙක්ෂා කළ නොහැකිය.නමුත් ඔහු ද තරගාවලිය තුළ මේ දක්වා ඉතිමත් හොදින් ක්‍රීඩා කර තිබෙන බව ඔහුගේ තරග සටහන් නිරීක්ෂනයේදී පැහැදිළි වන කරුණකි.
www.supirikrida.com
No comments:
Post a Comment