අන්තර් මෝසම් සමයක ක්‍රිකට් තරග සදහා ශ්‍රී ලංකාවට පැමිණීම අවධානමක් සහිත සහ කාලය නිකරුනේ වැය කිරිමක් විය හැකි බවට මතයක් වර්ෂාව නිසා තරග අත හැරීමට සිදු වීමේ ප්‍රවනතාවය දිගටම පැවතියහොත් ජගත් ක්‍රිකට් ප්‍රජාව තුළ ඇති වීමේ අවධානමක් ඇති වෙමින් ඇත.නමුත් ක්‍රිකට් දේශපාලනයේ බල අරගලයේ ප්‍රති පාර්ශවකරුවෙකුගේ ගිණුමට කීර්තිය එකතු වන බැවින් වර්ථමාන ක්‍රිකට් පරිපාලනය දඹුල්ල ක්‍රීඩාංගනයේ ආලෝකය සම්බන්ධයෙන් ඇති වී තිබෙන ගැටළුව නිවැරදි කිරිම මග හරිමින් සිටින්නේය.
2010 ලෝක කුසලාන තරගාවලියටත් පෙර සිට හදුනාගෙන තිබූ එම ගැටළුව 20 / 20 ලෝක කුසලානය පැමිණෙන විටත් ඉවත් කර නොතිබෙන අතර මෙම ගැටළුව ඉදි කිරිමෙන් කලකට පසුව මතු වූ ගැටළුවක් ලෙස සිතිය හැකිය.මන්ද විශාල දිවා රාත්‍රී තරග තණනාවක් පැවත් වූ ක්‍රීඩාංඝනයක් ලෙස හැදින්විය හැකි දඹුල්ල ක්‍රීඩාංගණයේ ආලෝක තත්ත්වයේ ගැටළුව නිවැරදි නොකිරිමට කාලය හෝ මුදල් වැය නොකරන ශ්‍රී ලංකා ක්‍රිකට් සිය ආර්ථික අපහසුතා නොතකා වෙනත් ඉදිකිරීම් සහ බදවා ගැනීම සදහා කෙතරම් මුදල් ප්‍රමාණයක් වෙන් කර ඇද්ද යන්නත් ශ්‍රී ලංකා ක්‍රිකට්, ක්‍රීඩා අමාත්‍යවරයාගේ විෂය පථයට අයත් වන බැවින් ඔහු හෝ සොයා බැලිය යුතුය.
ලංකාවේ ජනමාධ්‍යයට සම්බන්ධ විම ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෙකු වීම,දේශපාලනඥයෙකු විම සහ ජාත්‍යන්තර සබදතා වලින් හිග නොවීම යන කාරණා දඹුල්ල ක්‍රීඩාංගණය සදහා පිඹුරුපත් සකස් කළ පුද්ගලයා සතු වන බැවින් දඹුල්ල ක්‍රීඩාංගණයේ තරග පැවත්වීමේ දි ඔහුව ඉස්මතු වීම වැළක්වීමට නොහැකි කාරණයක් වීම මේ නොසළකා හැරීමට හේතුව ලෙස දැකීමේ වරදක් නැත.දැනට ශ්‍රී ලංකාවේ ක්‍රමානුකූලම ජලය බැස යාමේ පද්ධතිය සමග විවිධ කාරණා සැළකිල්ලට ගනිද්දී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ ප්‍රසාදයට විශාල වශයෙන් ලක්වන ක්‍රීඩාංගණය වන පල්ලෙකැලේ ක්‍රීඩාංගණය පිටු පස සිටි දැවැන්තම හස්තය වන බන්දුල වර්ණපුර පිළිබදව සදහන් නොකිරීමට එහි වගකිවයුත්තන් කටයුතු කරනාකාරයෙන් දඹුල්ල ක්‍රීඩාංගණයේ තරග පැවත්වීමේදී එම ක්‍රීඩාංගණය ඉදිකළ පුද්ගලයා සගවා තැබීම දුෂ්කර නිසා එම ක්‍රීඩාංගණය සගවා තැබීමට උත්සාහ කරන බවක් දැකිය හැකිය.
www.supirikrida.com
No comments:
Post a Comment