හැත්තෑව දශකයේ දී අමිතා වික්‍රමසිංහ මෙම හපන්කම ඉන්දියාවටම ගොස් කර ඇති අතර නමුත් ප්‍රංශයේ පැවති ලෝක සූරතාවයේදී නිශාන්ත චමිල් කුරේ සමග එක්ව ලෝක යුගල කැරම් සූරතාවය දිනා ගන්නා තෙක් ඉන්දියාව පරාජය කිරීමේ කැරම් සිහිනය දුරම දුර සිහිනයක් පමණක්ව තිබිණ.එහෙත් මේ දශකය තුළ දෙවරක්ම එම දස්කමට දායක වෙමින් විශාල පෙරළියක් කරන්නට නිශාන්ත ට හැකි විය.අනුග්‍රාහකත්වයක් නැති ක්‍රීඩාවක් වන කැරම් ක්‍රීඩාව ඉන්දියාවේ ක්‍රියාත්මක වන්නේ වෘත්තීය පදනමකින්ය.ඔවුන්ගේ රැකියාව වන්නේම කැරම්ය.ඒ වෙනුවට ජාතියට ලෝක කීර්තිය ගෙන එන ඉන්දීය ක්‍රීඩකයන්ගේ අභියෝගයට නිශාන්ත මුහුණ දෙන්නේ ඊට වඩා දහසකුත් බාධා සහිත වට පිටාවක බව නොරහසකි.නමුත් දැන් පැන නගින්නේ නිශාන්තව හුදෙකලාව රැකීම නොවන අතර කැරම් රැක ගන්නේ කොසේද යන්නය.එතැනදී මේ නිශාන්ත රැකෙමින් ඔහු වැනිම තවත් විශාල පිරිසකුත් බිහි වන්නට ඇති ඉඩ- කඩ විශාලය.
ඒ ඉඩ - කඩ පුරවන්නේ කව්ද?
ඉදහිට සිදුවන මහා පෙරළි වෙනුවට ලංකාවේ කැරම් සූරයන් පරාජය වීම පෙරළියක් ලෙස හැගෙන දැනෙන වෙනසකට නිශාන්තගේ ජයග්‍රහණය හරහා හෝ ප්‍රවේශ මාර්ගයක් තැනෙන්නේ නම්!
අපි බලා සිටිමු.
නිශාන්ත ඔබට ජය!
www.supirikrida.com
No comments:
Post a Comment