පළමුව පන්දුවට පහර දිමට කාසියේ වාසිය ලත් මහේල ගේ ආරාධනයෙන් පිටියට පිවිසි නවසීල්නතයට මුල් පෙළ පිතිකරුවන්ගෙන් එතරම් සහයක් නොලැබිණ.පන්දු ඕවර් 16.3 ක් වන විට කඩුලු 4 ක් දැවී ලකුනු 49 ක් පමණක් වූ නවසීලන්ත ඉණිම ලකුණු 150 සීමාවෙන් නවතින බවක් පෙන්නුම් කළ ද,ජෙම්ස් ෆ්රෑන්ක්ලීන් නවසීලන්ත ඉණිමේ නැංගුරම වූ බීජේ වෙට්ලින්ගේ සහයට එමින් ලකුණු 56 ක සබදතාවයක් පස්වන කඩුල්ල වෙනුවෙන් පැවත්වීය.නමුත් යළිත් ලකුණු 117 වෙද්දී කඩුලු 6 ක් අහිමිව තිබූ නවසීලන්තය වෙනුවෙන් වෙට්ලින්ගේ දෑත ශක්තිමත් කිරීම පිණිස එක් වූ නේදන් මැකලම්,තරගය නිම වන තෙක්ම වෙට්ලින්ග් සමග නොදැවි සිටිමින් ලකුණු 71 ක සබදතාවයක් පැවත්වූවේ පන්දු ඕවර් 6 ක් තුළ ලකුණු 71 ක් ලබා ගනිමින්ය.
ආරම්භක පිතිකරුවා ලෙස සැළසුම් සහගත ඉණිමක් ගොඩ නැගූ වෙට්ලින් අවසාන පන්දු ඕවර් කිහිපය තුළ ගිණිකෙළි සංදර්ශණයක් දියත් කළ අතර ඒ අනුව ඔහුට තරගය නිමා වන විට පන්දු 88 ක් තුළ ලකුණු 96 ක් හිමි වී තිබිණ.නේදන් මැකලම් ලකුණු 22 ක් ලබා නොදැවී සිටියේ පන්දු 18 ක් තුළදීය.ශ්රී ලංකාව වෙනුවෙන් හොදින් පන්දු යවමින් සිටි ජීවන් මෙණ්ඩිස්,නුවන් කුලසේකර මෙන්ම ලසිත් මාලිංග ද අවසාන පන්දු ඕවර් කිහිපයේදී වෙට්ලින්ගේ සහ මැකලම් ගේ අනුකම්පා විරහිත ප්රහාරයට ලක්විය
පිළිතුරු ඉණිම සදහා පිවිසි ශ්රී ලංකාවේ ඉලක්කය පන්දු ඕවර් 33 තුළ ලකුණු 197 ක් විය.වර්ෂාව නිසා ඇති වූ තත්ත්වයන් පාලනය කර ගනිමින් එම ගමන යාම පහසු නොවිණ.ලකුණු ඉලක්කය 6 .00 ට ආසන්න විය.ඒ පීඩනය තව දුරටත් වැඩි කරමින් උපුල් තරංග (10),කුමාර සංගක්කාර (15) සහ මහේල ජයවර්ධන(05) ලකුණු පූවරුව 73 ක් වන විට පිටියෙන් ඉවත්ව සිටියේය.කණ්ඩායමේ ඉතිරිව සිටි අත්දැකීම බහුලම පිතිකරුවා ලෙස ඩිල්ෂාන් පිට පැටවි පීඩනය සැහැල්ලු කළ හැකි විශ්වසනීය සහයෝගයක් ඇවැසිම මොහොතේ ඒ වෙනුවෙන් දායකත්වය දැක් වූ ඇන්ජලෝ මැතිව්ස් අවදානම් පහර වෙනුවට සිය දෙපයේ ශක්තිය මුල් කර ගනිමින් කෙට් ලකුණු එක් කර ගනිමින් ලකුණු පරතරය විශාල වීම වළකින සැළසුමක් දියත් කරන්නට විය.
ඩිල්ෂාන් සිය සගයාට ප්රහාරාත්මක වීම පවරමින් සහ ඔහු ගේ විශ්වාසය තහවුරු කර ගැනීමට ඇති අවකාශය පුළුල් කරන සහයෝගාත්මක ඉණිමක් දියත් කරන්නට විය.එහි ප්රතිපලය වූයේ මැතිව්ස් අගනා අර්ධ ශතකයක උරුමකරුවෙක් වෙද්දී ඩිල්ෂාන් සිය දිවියේ ක්රීඩා කළ හොදම ඉණිමක අවසානයේ හිමි විය යුතුම තිබූ ශතකයක උරුමක්කාරයා වීමය.අගනා සැණකෙළියක් බදු වූ ඩිල්ෂාන් ගේ ඉණිම තුළ පිටියේ දසතට එල්ල වූ ප්රවේගකාරි පහර මෙන්ම නිවැරදි ස්ථාන ගත කිරීම් ආදිය නො'අඩුව දකින්නට ලැබුණු අතර,විශාල ලකුණු ඉලක්කයක් සහ ඉක්මණින් කඩුලු අහිමිවිමේ පීඩනය මැද ඩිල්ෂාන් ගේ ඉණිම ඉතා ඉහළ මට්ටමක පැවති බව පැවසිය යුතුමය.
www.supirikrida.com
No comments:
Post a Comment