පළමු පන්දුවට පහර දුන් නවසීලන්ත ඉණිමේ පළමු කඩුල්ල දැවී යන විට ලකුණු පූවරුව ලකුණු 17 ක් ව තිබූ අතර ක්‍රියාත්මක වෙමින් තිබුණේ හත් වන පන්දු ඕවරය ය.නමුත් ඉන්
අනතුරුව රොබ් නිකෝල් සහ බීජේ වැට්ලින්ග් ලකුණු අතරට කණ්ඩායම රැගෙන එමින් දෙවන කඩුල්ල දැවී යන විට ලකුණු පූවරුව ලකුණු 100 රදවන්නට සමත් විය.නැවතත් ලකුණු 91 පස්වන කඩුල්ල වෙනුවෙන් එකතු කරන්නට නායක රොස් ටේලර් සහ ජේම්ස් ෆ්‍රෑන්ක්ලීන් සමත් වූයේ නවසීලීන්තය පසුව පන්දුවට පහර දෙන වර්ෂාවේ අවධානය ඇති තරගයක හොද ලකුණු ගණනකට සිය කණ්ඩායම ගෙනවිත් තබමින්ය.රොබ් නිකොල් ලකුණු 46 ක් ලැබූ අතර,බීජේවැට්ලින්ග් ලකුණු 55 ක් ලැබූ අතර වේගවත් පිති හරඹයක නියැලි රොස් ටේලර් ලකුණු 72 ක් රැස් කළේය.
පිළිතුරු ඉණිමට පිවිසි ශ්‍රී ලංකා පිතිකරුවන්ට නවසිලන්තයේ පන්දු යැවීම මෙන්ම කළු වෙමින් පැවති අහසේ අභියෝගය සමගින් ද සටන් කරන්නට සිදු විය.ඒ අභියෝගයම ලකුණු 39 දී ශ්‍රී ලංකාවට කඩුලු 2 ක් අහිමි කළ අතර අනතුරුව ඩිල්ෂාන් සහ මහේල යම් ස්ථාවරයකට ලකුණු තත්ත්වය කඩුලු රැක ගනිමින් ලකුණු පූවරුව 98 දක්වා ගෙන ආවේය.ඩිල්ෂාන් ලකුණු 37 ට දැවී ගිය අතර මහේල නොදැවී ලකුණු 43 ක් එක් කර ගත් අතර ඒ තත්ත්වය මත වර්ෂාව පැමිණෙන විට ලකුණු පූවරුව පන්දු ඕවර් 22.5 දී 118 ක් ව තිබිණ.ඒ වන විට ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ශ්‍රී ලංකාව ලබා ගත යුතුව තිබුණේ ලකුණු 104 ක් පමණක් වූ බැවින් තරගයේ ජය ශ්‍රී ලංකාවට හිමි වූ අතර ලකුණු 39 ට කඩුලු 2 ක් දවා ගත් ලසිත් මාලිංග තරගයේ වීරයා විය.ලකුණු විස්තරයට පහත සබදතාවයෙන් පිවිසිය හැකිය.
http://www.espncricinfo.com/sri-lanka-v-new-zealand-2012/engine/current/match/582188.html
www'supirikrida.com
No comments:
Post a Comment