අන්තර් සමාගම් බැඩ්මින්ටන් කණ්ඩායම් තරගාවලිය 29 වන වරටත් ඩියුලක්ස් අනුග්‍රහය ඇතිව නොවැම්බර් 24 වන දා සිට දෙසැම්බර් 02 දා දක්වා ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලීය ගෘහස්ථ ක්‍රීඩාසංකීරණයේදී පැවත්වීමට කටයුතු යොදා ඇත. A, B, C, D, E, F, G සහ H ලෙස කාණ්ඩ අටක් ලෙස පිරිමි තරග ක්‍රියාත්මක වන අතර A, B, C, D සහ E ලෙස කාණ්ඩ පහක් යටතේ කාන්තා තරග ක්‍රියාත්මක වීමට නියමිතය.වෙළද සේවා බැඩ්මින්ටන් සංගමයේ ලියාපදිංචි කණ්ඩායම් වලට පමණක් විවාත මෙම තරගාවලියේ කණ්ඩායම් ගත විවාත තරගාවලියට අමතරව වයස 40 න් ඉහළ පිරිමි සහ වයස 35 ට වැඩි කාන්තා අංශයේ තරග ද ක්‍රියාත්මක වීමට නියමිතය.
www.mercantilebadminton.lk වෙබ් අඩවිය හරහා මෙන්ම වෙළද සේවා බැඩ්මින්ටන් සංගමයේ උප සභාපති රොෂාන් ප්‍රනාන්දු (0772 -442432) ඇමතීමෙන් සහ තරග ලේකම් මෝදිත ජයසේකර (0714900631) ඇමතීමෙන්ද තරගාවලිය පිළිබදව තොරතුරු ලබා ගැනීමට හැකියාව ඇති අතර,සියළුම තරග ඉල්ලුම් පත් නොවැම්බර් 15 වන දිනට පෙර ලේකම්.වෙළද සේවා බැඩ්මින්ටන් සංගමය,ජයලත් ගොඩනැගිල්ල,අංක 65/ 1,දෙවන මහළ,නාවල පාර,නුගේගොඩ යන ලිපිනයට යොමු කළ යුතුය.
www.supirikrida.com
No comments:
Post a Comment