තරගාවලිය ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලීය ගෘහස්ථ ක්‍රීඩා සංකීරණයේදී නොවැම්බර් 03 සහ 04 දෙදින තුළ ක්‍රියාත්මක වූ අතර ගම්පහ,කොළම සහ කළුතර දිස්ත්‍රික් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශාල පිරිසක් තරගාවලියට ඉදිරිපත් වී සිටීම කැපී පෙණින.එහිදී බාලිකා අංශයේදී විශාකා විද්‍යාලයේ හසලි සනායා බුද්ධදාස,කොළම කාන්තා විද්‍යාලයේ අයිලා චිට්ටි,නුගේගොඩ අනුලා විද්‍යාලයේ හංසනි පියුමිලා,ගල්කිස්ස උසස් බාලිකා විදයාලයේ චමත්සරා ප්‍රනාන්දු සහ කොළඹ විශාකා විද්‍යාලයේ කිත්මදී රණවක යන ක්‍රීඩිකාවන් පිළිවෙළින් අවුරුදු 8 න් පහළ,10 න් පහළ,12 න් පහළ,15 න් පහළ සහ 18 න් පහළ සූරතා දිනා ගත්හ.බාලක අංශයේදී වරාපිටිය කණිෂ්ඨ විද්‍යලයේ කුමුදිත ලක්ෂාන්,ලයිසියම් ජාත්‍යන්තර පාසලේ දෙව්මිත් වීරසේන,පිලිවෙළින් අවුරුදු 8 න් පහළ සහ 10 න් පහළ සූරතා දිනා ගත් අතර අවුරුදු 18 න් පහළ බාලක සූරතාවය කොළඹ ආනන්ද විද්‍යලයේ සංදේශ් නිශ්ශංක ට හිමි විය.
යුගල අංශයේ තරග වලදී අවුරුදු 12 න් පහළ බාලක සූරතාවය හිමි වූයේ යහපත් එඩේරාගේ කන්‍යාරාමයේ තරුෂි නවීනා ට සහ ගල්කිස්ස උසස් බාලිකා විද්‍යාලයේ සචිනි අල්විස්ට ය.එම වයස් කාණ්ඩයේ බාලක සූරතාවය ලයිසියම් ජාත්‍යන්තර පාසලේ දෙව්මිත් වීරසේන සහ කොළම වෙස්ලි විද්‍යාලයේ ලිත්මිණ මහානාම විසින් දිනා ගත්හ.අවුරුදු 15 න් පහළ බාලිකා යුගල සූරියන් ලෙස නුගේගොඩ අනුලා විද්‍යාලයේ හංසනී පියුමාලා සහ ශුද්ධ වූ පව්ලේ කන්‍යාරාමයේ එරෝනි කවින්ද්‍යා තේරි පත් වූ අතර ආනන්ද විද්‍යාලයේ සංදේශ් නිශ්ශංක සහ රාජකීය විද්‍යාලයේ රුමාල් ඉන්ටිකාබ් එම වයස් කාණ්ඩයේ යුගල සූරයෝ වූහ.විවෘත පිරිමි අංශයේ සූරතාවය හිමි වූයේ ශ්‍රී ලංකා යුධ හමුදාවේ වයිඑස් ජයකොඩි ට ය.ඡායාරුපයේ දැක්වෙන්නේ අයි ඇන්ඩ් ටී මේස පන්දු ඇකඩමියේ ඉන්දික ප්‍රසාද් සහ දීපිකා රොද්‍රිගෝ සහ ප්‍රධාන ආරාධිතයන් සමග ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් සමූහ ඡායාරුපයකට පෙනී සිටි අයුරුයි.
www.supirikrida.com
No comments:
Post a Comment