මීට අමතරව ක්‍රීඩා අමාත්‍යංශය රුපියල් ලක්ෂ 10 ක මුදලක් නිශාන්ත වෙනුවෙන් පරිත්‍යාග කිරීමට ඉදිරිපත් වී ඇති අතර ක්‍රීඩා අමාත්‍යවරයාගේ මැදිහත් වීම මත මෙවර ලෝක සූරතාවලියේදී ශ්‍රී ලංකාවට විශාල කීර්තියක් අත්කර දුන් නිශාන්ත ප්‍රනාන්දුට මෙන්ම දක්ෂතා දැක් වූ ශ්‍රී ලංකා කැරම් කණ්ඩායමට ජනාධිපති මන්දිරයේ ජනාධිපතිවරයා ද සහභාගි වන උපහාර උත්සවයක් සංවිධානය කරන්නට පියවර ගෙන ඇත.
එසේම අප සතු තොරතුරු අනුව ලෝක සූරතාවයක් සාර්ථකව සංවිධානය කිරීමට ශ්‍රී ලංකා කැරම් සම්මේලනය ගත් උත්සාහය සාර්ථ වුව ද එම තරගාවලිය පැවත්වීමේ දී දරන්නට වූ වියදම පියවා ගැනීමට නොහැකිව කැරම් සම්මේලනය ණය කරුවෙකු වී ඇත.ලෝක සූරයෙකු රටට බිහි කරමින් ලෝක සූරතාවලියක් සංවිධානය කළ සංගමයක් ණය බරින් මුදවා තැබීම පිළිබදව සිය උපහාරය පුදන අතරේම ජනාධිපතිවරයාගේ අවධානය ද යොමු වනු ඇතැයි අප බලාපොරොත්තු වන්නෙමු.
www.supirikrida.com
No comments:
Post a Comment